කාර්යය භාරය ( පනතට අනුව )


ක්‍රියාන්විතයේදී ජිවිත පරිත්‍යාග කළ සහ අතුරුදහන් වූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ගේ හා ක්‍රියාන්විතයේදී ශරීරාංග පරිත්‍යාග කළ රණවිරුවන් හා එම පවුල්වල සාමාජික සාමාජිකාවන්ගේ ජීවන තත්වය ඉහළ නැංවීමට කටයුතු කිරීම රණවිරු සේවා අධිකාරියේ කාර්යභාරය වී ඇත. ඒ යටතේ,

1. ක්‍රියාන්විතයේදී ශරීරාංග පරිත්‍යාග කළ රණවිරුවන්ගේ පසු උවැටන හා ඔවුන් ප්‍රජාමූලිකව පුනරුත්තාපනය කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම.
2. රණවිරු පවුල් සාමාජික සාමාජිකාවන්ගේ නිවාස, ඉඩම් අවශ්‍යතා සම්පූර්ණ කිරීම හා ඊට අවශ්‍ය සහය ලබාදීම.
3. ක්‍රියාන්විතයේදී ශරීරාංග පරිත්‍යාග කළ රණවිරුවන්ගේ හා රණවිරු පවුල් සාමාජික සාමාජිකාවන්ගේ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමේදී අවශ්‍ය පහසුකම් සැලසීම හා වෛද්‍ය පහසුකම් සැලසීමට සහය වීම.
4. ක්‍රියාන්විතයේදී දුබලතාවයට පත් රණවිරුවන්ට හා ක්‍රියාන්විතයේදී ජීවිත පරිත්‍යාග කළ රණවිරුවන්ගේ යැපෙන්නන්ට අධ්‍යාපන හා උසස් අධ්‍යාපනයට ප්‍රවේශය ලබා ගැනීමට උපකාර කිරීම , ශිෂ්‍යත්ව හා මූල්‍යමය සහන ලබාදීමට කටයුතු කිරීම.
5. රණවිරු පවුල් සාමාජික සාමාජිකාවන්ගේ සේවා නියුක්තිය සුරක්ෂිත කිරීම.එම අරමුණු සාක්ෂාත් කරගැනීම උදෙසා කාර්මික,කෘෂි කාර්මික හා වාණිජ ව්‍යවසාය පිහිටුවීම.
6. රණවිරු සේවා අධිකාරියේ කාර්යභාරය/ කර්තව්‍යය සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය හෝ හිතකර සියලු ක්‍රියා සිදුකිරීම.

කාර්යය භාරය (පනතට අනුව) - 1999 54 දරණ පාර්ලිමේන්තු පනත මගින් ඇති කරන ලද රණවිරු සේවා අධිකාරියේ කර්තව්‍ය-

(අ) ක්‍රියාන්විතයේදී ආබාධිත බවට පත්ව සිටින සන්නද්ධ හමුදාවල සහ පොලිස් හමුදාවේ සාමාජිකයන්ගේ පසු උවැටන සහ ඔවුන් පුනරුත්ථාපන කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම;

(ආ) (I). ක්‍රියාන්විතයේදී ආබාධිත බවට පත්ව සිටින සන්නද්ධ හමුදාවල සහ පොලිස් හමුදාවේ සාමාජිකයන්ට; සහ (II). ක්‍රියාන්විතයේදී මියගිය හෝ සොයාගත නොහැකිව සිටින සන්නද්ධ හමුදාවල සහ පොලිස් හමුදාවේ සාමාජිකයන්ගේ යැපෙන්නන්ට; නිවාස සැපයීම සහ එහිලා සහය වීම;

(ඇ) (I). ක්‍රියාන්විතයේදී ආබාධිත බවට පත් ව සිටින සන්නද්ධ හමුදාවල සහ පොලිස් හමුදාවේ සාමාජිකයන්ට ; සහ (II). ක්‍රියාන්විතයේදී මියගිය හෝ සොයාගත නොහැකිව සිටින සන්නද්ධ හමුදාවල සහ පොලිස් හමුදාවේ සාමාජිකයන්ගේ යැපෙන්නන්ට වෛද්‍ය පහසුකම් සැපයීම සහ එහිලා සහය වීම;

(ඈ) (I). ක්‍රියාන්විතයේදී ආබාධිත බවට පත් ව සිටින සන්නද්ධ හමුදාවල සහ පොලිස් හමුදාවේ සාමාජිකයන්ට ; සහ (II). ක්‍රියාන්විතයේදී මියගිය හෝ සොයාගත නොහැකිව සිටින සන්නද්ධ හමුදාවල සහ පොලිස් හමුදාවේ සාමාජිකයන්ගේ යැපෙන්නන්ට ශිෂ්‍යත්ව හා වෙනත් ආකාරයේ උපකාර ලබා දීමෙන් ඔවුන්ට අධ්‍යාපනයට හා උසසස් අධ්‍යාපනයට ප්‍ර වේශය ලබා ගැනීමට අවස්ථාව සලසා දීම ;

(ඉ) (I). ක්‍රියාන්විතයේදී ආබාධිත බවට පත් ව සිටින සන්නද්ධ හමුදාවල සහ පොලිස් හමුදාවේ සාමාජිකයන්ට; සහ (II). ක්‍රියාන්විතයේදී මියගිය සහ සොයාගත නොහැකිව සිටින සන්නද්ධ හමුදාවල සහ පොලිස් හමුදාවේ සාමාජිකයන්ගේ යැපෙන්නන්ට, ඵලදායී සේවා නියුක්තියක් සුරක්ෂිත කිරීමේහිලා සහය වීම;

(ඊ) ක්‍රියාන්විතයේදී ආබාධිත බවට පත්ව සිටින සන්නද්ධ හමුදාවල සහ පොලිස් හමුදාවේ සාමාජිකයන්ට සේවා නියුක්තිය සැලසීමේ අරමුණ ඇතිව කාර්මික, කෘෂිකාර්මික හෝ වාණිජ ව්‍යවසායයන් පිහිටුවීම; සහ

(උ) අධිකාරියේ කර්තව්‍ය සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය හෝ හිතකර සියලු ක්‍රියා හා දේ කිරීම.