vision

දැක්ම.

රණවිරු නාමයට ජාතියේ කෘතගුණ දැක්වීම.

මෙහෙවර.

ශ්‍රී ලංකාවේ ඒකීයභාවය සුරක්ෂිත කරනු පිණිස ජීවිත පුද කළා වූ අතුරුදහන් වූ හා ආබාධිත වූ රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ මානසික හා සාමාජීය ස්ථාවරභාවයක් ඇති කිරීම මෙන්ම සේවයේ නියුතු රණවිරුවන් සහ එම පවුලවල මානසික ප්‍රබෝධයක් ඇති වන අයුරින් ක්‍රියා කිරීම.

ඉලක්ක ගත ප්‍රතිලාභීන්

  • ක්‍රියාන්විතයේදි දිවිපිදූ අතුරුදන් වූ රණවිරුවන්ගේ ළගම ඥාතීන් හා ආබාධීත රණවිරුවන්
  • ආබාධ සහිත රණවිරුවන්,
  • ආබාධ සහිත රණවිරුවන් හා දිවිපිදු රණවිරුවන්ගේ භාර්යාවන්,
  • දිවිපිදූ හා ආබාධ සහිත රණවිරුවන්ගේ දූ පුතුන්,
  • දිවිපිදූ රණවිරුවන්ගේ දෙමාපියන්,
  • දිවිපිදූ අවිවාහක රණවිරුවන්ගේ අවිවාහක සහෝදර සහෝදරියන්,
  • රණවිරු බිරින්දෑවරු,
  • ආබාධිත විශ්‍රාමික රණවිරුවන්,
  • රණවිරු දෙමාපියන්,
  • රණවිරු දරුවන්,
  • රණවිරු සහෝදර සහෝදරියන්,
  • ක්‍රියාන්විතයේදි ජිවිත පුදකළ රණවිරුවන්ගේ ළඟම ඥාතීන්,
  • ක්‍රියාන්විතයේදි අතුරුදහන් රණවිරුවන්ගේ ළඟම ඥාතීන්,
  • ක්‍රියාන්විතයේදි ආබාධිත විශ්‍රාමික රණවිරුවන්,
  • යුධමය තත්ත්වය හේතු කොට ගෙන අධ්‍යාපනය මානසික තත්වය බිද වැටුණු රණවිරු දරුවන්,
  • පෞරුෂ සංවර්ධයේ දුර්වලතා පෙන්නුම් කරනු ලබන දරුවන්,
  • ද්ව්තිය හා තෘතිය අධ්‍යාපන ප්‍රවේශයේදි ගැටළු වලට මුහුණ පා උසස් අධ්‍යාපනය අහිම් වන දරුවන්,
  • ක්‍රියාන්විතයේදී දිවිපිදු රණවිරු පවුල් හා ආබාධිත තත්වයට පත් රණවිරු පවුල් වල සාමාජික සාමාජිකාවන් පවුල්.

අරමුණ .