අධ්‍යාපන ශිෂ්‍යත්ව හා තරුණ කටයුතු අංශය

අරමුණු

රට වෙනුවෙන් රණවිරුවන් කරන ලද කැපකිරීම අගය කරමින් රණවිරු දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීමටත් හා ඔවුන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියෙහි අඛණ්ඩව නිරත වීමට රණවිරු දරුවන් අභිප්‍රේරණය කිරීම.

මෙහෙවර

රණවිරුගේ 6 වසරේ සිට උසස් අධ්‍යාපනය දක්වා අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් විවිධ අදියරයන් යටතේ ශිෂ්‍යාධාර ලබා දීම. ඒ යටතේ පහත සඳහන් ක්‍රම යටතේ ශිෂ්‍යාධාර ලබා දීම.

අධ්‍යාපනයට හා උසස් අධ්‍යාපනයට ප්‍රවේශය ලබා ගැනීමට අවස්ථාව සැලසීම

රණවිරු සේවා අධිකාරියේ පනතින් පැවරී ඇති කර්තව්‍යයන් යටතේ අධ්‍යාපනයට හා උසස් අධ්‍යාපනයට ප්‍රවේශය ලබා ගැනීමට අවස්ථාවක් සැලසීම වෙනුවෙන් විවිධ වූ ශිෂ්‍යත්ව ක්‍රම යටතේ රණවිරු සේවා අධිකාරිය මගින් ශිෂ්‍යාධාර පිරිනමනු ලබයි. එම ශිෂ්‍යත්ව ක්‍රම පහත පරිදි වේ.

  1. අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබා දීම
  2. මාපිය කැපකරු ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය
  3. අධ්‍යාපන හා ඉගෙනුම් කුසලතා ප්‍රවර්ධනය සඳහා ණය ලබා දීමේ ව්‍යාපෘතිය
  4. පාසල් හැර ගිය දරුවන් ඉලක්ක කොට වෘත්තීය පුහුණු හා රැකියාවලට යොමු කිරීම

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබා දීම

මෙම ශිෂ්‍යාධාර ක්‍රමය යටතේ අ.පො.ස උ/පෙළ හොඳින් සමත්වී එහි ප්‍රතිඵල මත විශ්ව විද්‍යාල, විද්‍යාපීඨ හා රජයේ අනුමත උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය සඳහා වරම් ලබන දරුවන්ට මසකට රු.2000/- බැගින් ඔවුන්ගේ අධ්‍යයන කාලය තුළ ඉදිරියට අධ්‍යයන වර්ෂ 4 ක් ඇතුළත් වන සේ උපරිම වාරික 40ක් දක්වා මෙම ශිෂ්‍යාධාර පිරිනමනු ලැබේ.

අ.පො.ස උ/පෙළ පන්තිවල අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක මෙම ශිෂ්‍යත්ව ක්‍රමයේදී රණවිරු දූ දරු ඉතුරුම් ආයෝජන ශිෂ්‍යත්ව ක්‍රමය යටතේ ශිෂ්‍යත්වලාභියෙකු නොවූ දරුවෙකු සඳහා අ.පො.ස සා/පෙළ පංතියේදී ද නැතහොත් අ.පො.ස සා/පෙළ හොඳින් සමත් වී අ.පො.ස උ/පෙළ සඳහා තේරී පත් වූ විට මසකට රු. 500 බැගින් උපරිම වසර දෙකක් ද ලබාදේ.

ඒ අනුව 6,7,8 වසර දරුවන් 1661 දෙනෙකුට මාසිකව රු 500 උපරිමයකට යටත්ව ශිෂ්‍යාධාර ලබා දේ. සා/පෙ, උ/ පෙ වසර සඳහා 607 දෙනෙකුට මාසිකව රු 1000 උපරිමයකට යටත්ව ශිෂ්‍යාධාර ලබා දේ. විශ්ව විද්‍යාල සිසුන් සඳහා 237 දෙනෙකුට මාසිකව රු 2000 උපරිමයකට යටත්ව ශිෂ්‍යාධාර ලබා දේ.

මාපිය කැපකරු ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය

ක්‍රියාන්විත නොවන හේතූන් මත මියගිය හා ආබාධිත තත්වයට පත්වූ රණවිරුවන්ගේ අධ්‍යාපනය හදාරන වයසේ පසුවන දරුවන්, සියලුම රණවිරුවන්ගේ විශේෂ අධ්‍යාපනය හදාරන වයසේ පසුවන දරුවන් සහ දිර්ඝ කාලීනව ප්‍රතිකාර ලබාගත යුතු රෝගී තත්වයන්ගෙන් පෙළෙන රණවිරුවන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු බධාවකින් තොරව නිසියාකාරව සිදු කර ගෙන යාමට අත්වැලක් සැපයීම සඳහා මෙම ශිෂ්‍යාධාරය පිරිනමනු ලබයි.

ඒ අනුව,එම දරුවන් 668 දෙනෙකුට මාසිකව රු ලක්ෂ 30 පමණ මුදලක් ගෙවනු ලැබේ.

අධ්‍යාපන හා ඉගෙනුම් කුසලතා ප්‍රවර්ධනය සඳහා ණය ලබා දීමේ ව්‍යාපෘතිය

දේශය වෙනුවෙන් තම අඟපසඟ පූජා කර ආබාධිත තත්වයට පත් රණවිරුවා හා ජිවිතය පූජා කල රණවිරුවන්ගේ පවුල්වල ළගම ඥාතීන් (දුව/ පුතා/ බිරිඳ) වෙතත්, රණවිරුවා අවිවාහකයකු නම් දෙමාපියන්ටත්/ අවිවාහක සහෝදර සහෝදරියන්ටත් ඔවුන්ගේ දස්කම් අනුව රටට කිර්තියක් ගෙන දීමේ අරමුණු ඇතිව දේශීය හා ජාත්‍යන්තර මට්ටමේ තරග සඳහා‍ සහභාගී වීම වෙනුවෙන් ආධාර ලබාදීම සිදුකර ඇති අතර 2018 වර්ෂයේ දී 25 දෙනෙකු සඳහා ආධාර මුදල් ලබා දීම සිදු කර ඇත.

දේශීය හා විදේශීය උසස් අධ්‍යාපන ආයතන වෙතින් උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා රණවිරු දරුවන් දිරි ගන්වමින් සහනදායී සේවා ගාස්තුවක් යටතේ උපරිම ලක්ෂ 05 ක මුදලක් මෙම ණය ලබා දීමේ ක්‍රමය යටතේ ලබා දීම සිදු කරයි. ඒ අනුව මෙම ණය ක්‍රමය යටතේ 2018 වර්ෂයේදී එක් අයෙකු සඳහා ණය මුදල ලබා දී ඇත.

පාසල් හැර ගිය දරුවන් ඉලක්ක කොට වෘත්තීය පුහුණු හා රැකියා වලට යොමු කිරීම

කාර්යයන්

අනු අංකය ක්‍රියාත්මක ව්‍යාපෘති මෙතෙක් ලබා දුන් ශිෂ්‍යත්ව ප්‍රමාණය
01 රණවිරු දූ දරු ඉතුරුම් අයෝජන ශිෂ්‍යත්ව 15000 පමණ
02 අපොස උසස් පෙළ ශිෂ්‍යත්ව 7000 පමණ
03 උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව 570
04 5 වසර ශිෂ්‍යත්ව දරුවන් ඇගයිම 500

අනාගත දැක්ම

රට වෙනුවෙන් තම ජිවිතය කැප කරමින් වීරෝදාර රණවිරුවන් කළ මහඟු සේවාව ඉදිරි පරපුරට ඉතිරි කිරිම වස් අධ්‍යාපනයෙන් පිරිපුන් ගුණගරුක දරුවන් පිරිසක් සමාජයට දයාද කිරිම.

අනු ශිෂ්‍යත්ව ක්‍රමය 2015 2016 2017
01 රණවිරු දූ දරු ඉතුරුම් ආයෝජන ශිෂ්‍යත්ව ක්‍රමය 6,7,8,9 වසර සඳහා 500 700 489
02 අපොස සාපෙළ සමත් අයට ලබා දෙන උපෙළ ශිෂ්‍යත්ව ක්‍රමය 353 253 300
03 උසස් අධ්‍යාපන ශිෂ්‍යාධාර ක්‍රමය 69 58 56

මාපිය කැපකරු ශිෂ්‍යත්ව ක්‍රමය

ව්‍යාපෘතියේ නම

මාපිය කැපකරු ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය

අරමුණ

රණවිරු නාමය සදහා අනුස්මරණය කරමින්,ආර්ථික අපහසුතා හේතුවෙන් තම අධ්‍යාපන කටයුතු නිසියාකාරව සිදු කර ගැනීමට නොහැකිව සිටින රණවිරු දරුවන් වෙත ශිෂ්‍යාධාර පිරිනැමීම තුළින් අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදු කරගෙන යාමට සහාය වීම හා අභිමානවත් දැක්මක් ඇති දරුවන් ලෙස සමාජගත කිරීම.

මෙහෙවර

යුධමය ව්‍යසනය හේතුවෙන් පීඩාවට පත් රණවිරු පවුල්වල පවතින ආර්ථික ගැටලු එම පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කෙරෙහි බලපෑමක් නොවන ලෙස ප්‍රාථමික අධ්‍යාපනයේ සිට ද්වීතියික අධ්‍යාපනය දක්වා මාසිකව ශිෂ්‍යත්ව පිරිනැමීම හා එම රණවිරු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගෙන යාමට හැකි සෑම අයුරින් සහාය වීම.

කාර්යය මණ්ඩලයේ වගකීම්

  1. ව්‍යාපෘති භාර නිලධාරිනී
  2. කළමනාකරණ සහකාර

කාර්යයන්

ව්‍යාපෘතිය මගින් මේ වන විට ක්‍රියාන්විත නොවන හේතූන් මත මියගිය හා අබාධිත රණවිරු දරුවන් දෙදහසකට ආසන්න ප්‍රමාණයකට ශිෂ්‍යාධාර ලබා දෙමින් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අතහිත දීමට කටයුතු කර දීමට ඇත.එමෙන්ම එම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය පාසල් උපකරණ,ඉංග්‍රීසි ශබ්ද කෝෂයන් හා පරිගණක පරිත්‍යාගශීලීන්ගේ දායකත්වය මත ලබා දිමට කටයුතු කර ඇත.
ඉහත ශිෂ්‍යත්ව ප්‍රදානයන් ලබාගත් දරුවන් වෙත හැකිතාක් පරිත්‍යාගශීලීන්ගේ ආධාර මුදල් ලබා ගැනීමට කටයුතු කරනු ලැබූ අතර රණවිරු දරුවන් දහසකට ආසන්න ප්‍රමාණයකට පරිත්‍යාගශිලීන්ගේ මූල්‍යමය ආධාරයන් මත ලබා දෙන ශිෂ්‍යත්ව ලබා දිමට කටයුතු කර ඇත.එමගින් ඔවුන් හට රු.1000/- කට වඩා වැඩි මුදලක් මාසිකව ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ලබා දීමට හැකි වී ඇත.විවිධ ආයතන මගින් සංවිධානය කරනු ලබන ශිෂ්‍යාධාර ලබා දීමේ වැඩසටහන් සඳහා මෙන්ම අධ්‍යාපන වැඩසටහන් සඳහා රණවිරු දරුවන් යොමු කිරීමට අවශ්‍ය කටයුතු කිරිම මගින් රණවිරු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර් ථකව සිදු කර ගෙන යාමට සහාය ලබා දී ඇත.

අනාගත දැක්ම

රණවිරු පවුල්වල පවතින ආර්ථික ගැටළු එම පවුල්වල රණවිරු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කෙරෙහි බලපෑමක් නොවන පරිදි ශිෂ්‍යාධාර පිරිනැමීම තුලින් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සාර් ථකව සිදු කර ගෙන යාමට සහාය වීම හා ඒ තුලින් රටට වැඩදායී හා අභිමානවත් දැක්මක් ඇති පුරවැසියෙකු බිහි කිරීම.