ස්වයං රැකියා

කාබනික පොහොර නිෂ්පාදනයට රණවිරු සේවා අධිකාරියෙන් අත්වැලක්....

කාබනික පොහොර නිෂ්පාදනයට රණවිරු සේවා අධිකාරියෙන් අත්වැලක්....

යුද්ධයෙන් තුවාල ලබා දැනට විශ්‍රාමිකව සිටින මාතර දිස්ත්‍රික්කයේ හක්මන ප්‍රදේශයේ පදිංචි සාජන් මේජර් ප්‍රදීප් කුමාර හට ඔහු විසින් දැනට පවත්වාගෙන යනු ලබන කාබනික පොහොර සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන කටයුතු ව්‍යාපාරික මට්ටමින් ඉහළ නංවා ගැනීම සඳහා වන අත්වැලක් ලෙස අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර මිලදී ගනිමින් තම ව්‍යාපාර කටයුතු පුළුල් කර ගනිමින් දෙපයින් නැගී සිටිමේ අවස්ථාවට උරදීම සඳහා රණවිරු සේවා අධිකාරිය ඉදිරිපත්ව තිබේ.

කාබනික පොහොර නිෂ්පාදනය සඳහා රණවිරු සේවා අධිකාරියේ ප්‍රතිලාභී පවුල් යොමු කිරීමේ වැඩසටහනේදි අධිකාරිය විසින් කරුණු සොයා බලා මාතර දිස්ත්‍රික්කයේ හක්මන ප්‍රදේශයේ දැනට කාබනික ආශ්‍රිත පලතුරු සහ ආහාර බෝග නිෂ්පාදනයෙහි නිරතව සිටින තුන් වන විශේෂ බලකාය හෙවත් එවකට දිග දුර විහිදුම් බළකායට අයත්ව සිටියදී තම දකුණු පාදය යුද්ධයේදී අහිමිව ගිය රණවිරුවෙකු වන සාජන් මේජර් ප්‍රදීප් කුමාර හට අවශ්‍යය ව්‍යාපාර කටයුතු පුළුල් කර ගැනීම සඳහා වන මැදිහත්වීම සිදු කිරීමට රණවිරු සේවා අධිකාරිය කටයුතු කරන ලදී.

එහිදී ව්‍යවසායකයෙකු මෙන්ම ව්‍යාපාරිකයෙකු බවට විශ්‍රාමික ආබාධිත රණවිරුවකු පරිවර්තනය කරමින් සමස්ත රණවිරු සේවා අධිකාරියේ ප්‍රතිලාභී පවුල් වල සාමාජිකයන් මේ සඳහා උනන්දු කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන අධිකාරිය විසින් ක්‍රියාවට නංවනු ලබන ව්‍යවසායක සංවර්ධන ණය වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 10 ක ණය මුදලක් කඩිනමින් ඔහු වෙත පිළිගැන්වීමට රණවිරු සේවා අධිකාරිය විසින් කටයුතු කරමින් සිටී.

2008 වසරේ දෙසැම්බර් විසි දෙවන දින කිලිනොච්චිය මුදාගැනීමේ මානුෂීය මෙහෙයුමේ ක්‍රියාන්විතයේ නිරතව සිටියදී අක්කරායන්කුලම්හී දී දිග දුර මෙහෙයුම් බලකායට අනුයුක්ත ව විශේෂ කාර්ය බලකා කණ්ඩායම් නායකයෙකු වශයෙන් රාජකාරි කරමින් සිටියදී ත්‍රස්තවාදීන් ගේ මරාගෙන මැරෙන ප්‍රහාරයකට ලක්ව තම දකුණු පාදය අහිමි වූ සාජන් මේජර් ප්‍රියන්ත කුමාර ස්වකීය උත්සාහයෙන් සිදු කරගෙන යනු ලබන කෘෂිකාර්මික හා කාබනික පොහොර ආශ්‍රිත ව්‍යාපාර කටයුතු වර්ධනය කිරීම අරමුණු කරගෙන මෙම ණය මුදල පිළිගැන්වීම පිළිබඳ සලකා බලා ඇත.

මෙහිදී ඔහුගේ ව්‍යාපාර කටයුතු සහ කාබනික පොහොර නිෂ්පාදනය සහ ඒ ආශ්‍රිත නිෂ්පාදනයන් වර්ධනය කිරීමේ අරමුණ ඇතිව ඒ සඳහා අවශ්‍ය මූලික සැලසුම් සකස් කිරීම සඳහා රණවිරු සේවා අධිකාරියේ ව්‍යවසාය සංවර්ධන අංශය විසින් පසුගියදා ඔහුගේ ව්‍යාපාර කටයුතු සහ එම වගා කටයුතු සිදු කරන භූමීන් නිරීක්ෂණය කරනු ලැබීය.

දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් කාබනික පොහොර සහ ඒ ආශ්‍රිත නිෂ්පාදනයන් සිදු කිරීමට කැමැත්තක් දක්වන රණවිරු සේවා අධිකාරියේ ප්‍රතිලාභී පවුල් දිරිගැන්වීමේ අරමුණ ඇතිව ව්‍යවසායකත්ව සංවර්ධන සහ කාබනික නිෂ්පාදන වැඩිකිරීමේ නියමු ව්‍යාපෘතියක් ඔහුගේම ගොවිපළක සිදු කිරීම සඳහා වන කටයුතු ද අධ්‍යයනය කරන ලදී.

දේශයෙහි නිදහස උදෙසා තම තාරුණ්‍ය කැප කරන ලද වීරෝදාර රණ විරුවෙකු වන සාජන් මේජර් ප්‍රියන්ත කුමාර දැනට තම උපන් ගමේ දිළිඳු පවුල් 16ට පමණ රැකියාව සලසමින් ඹවුනටද දියුණුවීමේ මං පෙත් විවර කරමින් ව්‍යවසායකයෙකු ලෙස සහ වස විසෙන් තොර ආර්ථිකයක සම්මාදම් කරුවෙකු ලෙස සංවර්ධන කර්තව්‍යයට උර දී සිටින ව්‍යාපාරිකයෙකි.

මෙවැනි කුසලතාවයන්ගෙන් පිරි ව්‍යවසායකයින් ජාතික නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ කරගැනීමේ අරමුණ ඇතිව රණවිරු සේවා අධිකාරිය විසින් මෙම විශේෂ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.

තව දුරටත්
news image

ගලිගමුව රණවිරු පවුල් සඳහා ව්‍යවසායකත්වට අත්වැලක්....

ත්‍රිවිධ හමුදාවේ මානව සම්පත දැයේ සංවර්ධන කාර්ය්‍ය සඳහා යොදා ගැනීමේ අරමුණෙන් රණවිරු සේවා අධිකාරියේ ව්‍යාපෘති සංවර්ධන අංශයේ තවත් එක් වැඩමුළුවක් වශයෙන් මී මැසි පාලනය සම්බන්ධව පුහුණු වැඩමුළුවක් 2021 අප්‍රේල් මස 22 වන දින කෘෂි කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයෙ අනුග්‍රහයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් රනක්ෂිතයට පත් රණවිරුවන් සහ මියගිය රණවිරුවන්ගේ පවුල් වල සාමාජිකයන් 33 න් දෙනෙකුගේ සහභාගීත්වයෙන් කෑගල්ල ගලිගමුව සතිපට්ඨාන විහාර භූමියේ දී පවත්වන ලදී. මේ සදහා බිගු සම්පත් සුරැකීමේ සංවිධානයේ සභාපති මහින්ද විජේසිංහ මහතා සහ එම කාර්යය මණ්ඩලය විසින් න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුම ලබා දෙන ලදී. මී මැසි පාලනය සහ ඒ ආශ්‍රිත ආර්ථික උපාය මාර්ගික සැලසුම් පිළිබඳ දැනුම හුවමාරු කර ගැනීම මෙම වැඩමුළුව තුළදී සිදු කරන ලදී. රණවිරු සේවා අධිකාරියේ ව්‍යවසාය සංවර්ධන අංශයේ අධීක්ෂණ නිලධාරී මේජර් රොහාන් පෙරේරාගෙ පූර්ණ අධික්ෂණය යටතේ සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා අධිකාරියේ කාර්ය මණ්ඩල නිලධාරීන් කිහිප දෙනෙකුද සහභාගි වන ලදී.

තව දුරටත්
news image

බදුල්ල දිස්ත්‍රික් රණවිරු ප්‍රජාව වෙනුවෙන් ස්වයං රැකියා පුහුණු වැඩසටහනක්...

“ විරු පිබිදුම” උතුරුමැද පළාත් රණවිරු ව්‍යවසායකත්ව වැඩසටහන

රණවිරු සේවා අධිකාරියේ වත්මන් සභාපතිතුමාගේ සංකල්පයකට අනුව රණවිරු ව්‍යවසායකත්ව හැකියාව වර්ධනය කිරීම උදෙසා “විරු පිබිදුම” ව්‍යවසායකත්ව පුහුණු වැඩසටහනට සමගාමීව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රණවිරු සංසද වල සමාජිකයන් සඳහා බිම්මල් වගාව පිළිබඳ වැඩමුළුවක් 2020.09.10 වැනි දින ඇළහැර රණවිරු ගම්මානයේ දී පවත්වන ලදී. මෙම පුහුණු වැඩමුළුව මෙහෙයවනු ලැබුවේ රට වෙනුවෙන් දෘශ්‍ය ආබාධිත වූ දර්ශන විපුල රණවිරුවා හා ඔහුගේ බිරිඳ විසිනි. මෙම ප්‍රායෝගික හා න්‍යායාත්මක වැඩසටහන සඳහා උතුරු මැද පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂක තුෂාර ජයසිංහ මහතා හා පොළොන්නරුව දිස්ත්‍රික් නිලධාරී කසුන් චතුරංග මහතා ඇතුළු පොළොන්නරුව දිස්ත්‍රික් රණවිරු සංසද වල සාමාජික සාමාජිකාවන් සහභාගී විය.

තව දුරටත්
news image

“ත්‍රිවිධ හමුදා මානව සම්පත දැයේ සංවර්ධන කාර්යය සඳහා දායක කර ගැනීමේ ව්‍යාපෘතිය යටතේ” මී පැණි කර්මාන්තය ව්‍යාප්ත කිරීම හා ව්‍යවසායකයින් පුහුණු කිරීම

රණවිරු සේවා අධිකාරියේ මැදිහත්වීම මත ත්‍රිවිධ හමුදා මානව සම්පත දැයේ සංවර්ධන කාර්යය සඳහා දායක කර ගැනීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර වශයෙන්, මී පැණි කර්මාන්තය ව්‍යාප්ත කිරීම හා ව්‍යවසායකයින් පුහුණු කිරීම සඳහා කීට විද්‍යාවට අනුකූලව ප්‍රවීනතා පුහුණු කරුවන් පුහුණු කිරීමේ වැඩමුළුවක් නුදුරේදී විශ්‍රාම යාමට නියමිත ත්‍රිවිධ හමුදා රණවිරුවන් විසිහත් දෙනෙකුගේ සහභාගීත්වයෙන් 2020 අගොස්තු මස 12,13 හා 14 යන තෙදින තුල සේවා සංස්කරණ අභ්‍යාස ආයතනය බිදුණු වැව, බණ්ඩාරවෙල හීදී සාර්ථකව පැවැත්වූ අතර එහි සුභ සාධන අනුග්‍රාහය වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සිදු කරන ලදී. මෙම වැඩසටහන රණවිරු සේවා අධිකාරියේ ව්‍යාපෘති භාර නිලධාරී ලුතිනන් කර්නල් හේමන්ත පෙරේරා ‍ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංවිධානයෙන් සිදු කරන ලදී.

තව දුරටත්
news image

“ත්‍රිවිධ හමුදා මානව සම්පත දැයේ සංවර්ධන කාර්යය සඳහා දායක කර ගැනීමේ ව්‍යාපෘතිය යටතේ” කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සදහා පුහුණුවීම් වැඩසටහනක් ගෝනවිල දී.....

රණවිරු සේවා අධිකාරියේ මැදිහත්වීම මත රණවිරු මානව සම්පත දැයේ සංවර්ධන කාර්යය සඳහා යොදා ගැනීමේ වැඩසටහනට අදාලව කාබනික පොහොර නිෂ්පාදන කාර්යය සඳහා රණවිරුවන් යොදාගැනීමේ වැඩපිළිවල යටතේ මූලික පියවරක් ලෙස විශ්‍රාමික, විශ්‍රාම පූර්ව හා ක්‍රියාන්විත රාජකාරියේදි ආබාධිත තත්වයට පත් ත්‍රිවිධ හමුදා හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන් 20 දෙනෙකුගේ සහභාගිත්වයෙන්, මෙම පුහුණුවීම් කටයුතු තිරසාර කෘෂිකර්ම පර්යේෂන හා සංවර්ධන මධස්ථානය, මාකඳුර, ගෝනවිල හීදි 2020 අගෝස්තු 27 වන දින පවත්වන ලදි. මෙම වැඩසටහන රණවිරු සේවා අධිකාරියේ ව්‍යාපෘති භාර නිලධාරී ලුතිනන් කර්නල් හේමන්ත පෙරේරා ‍ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංවිධානයෙන් සිදු කරන ලදී.

තව දුරටත්
news image

“ත්‍රිවිධ හමුදා මානව සම්පත දැයේ සංවර්ධන කාර්යය සඳහා දායක කර ගැනීමේ ව්‍යාපෘතිය යටතේ” ආබාධිත රණවිරුවන් කෘෂිකාර්මික ව්‍යාවසායකයින් ලෙස බලගැන්වීම.

රණවිරු සේවා අධිකාරියේ මැදිහත්වීම මත ආබාධිත රණවිරුවන් සඳහා වු මී මැසි පාලන පුහුණු වැඩසටහන් මාලාවේ පළමු පුහුණු වැඩසටහන ශ්‍රි ලංකා යුද්ධ හමුදා පාබල පුහුණු මධ්‍යාස්ථානය මින්නේරිය හීදි 2020.03.06 වන දින ත්‍රිවිධ හමුදා රණවිරුවන් 31 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පවත්වන ලදී. මෙම පුහුණුව අවසානයේ සහභාගි වු ත්‍රිවිධ හමුදා රණවිරුවන් හට මීමැසි පෙට්ටි, දුම් විදින යන්ත්‍ර, මී පැණි නිස්සාරණ උපකරණ බෙදාදීමට ක්‍රියා කරන ලදී. තවද වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍යාංශයේ දායකත්වයෙන් වැඩසටහන සිදුකල අතර එය අවසානයේ අධ්‍යක්ෂ ( සංවර්ධන) රන්සිළු වටවල මහතාගේ සහභාගීත්වයෙන් ප්‍රධානයන්, පිරිනැමීම් සිදු කෙරුණි. මෙම වැඩසටහන රණවිරු සේවා අධිකාරියේ ව්‍යාපෘති භාර නිලධාරී ලුතිනන් කර්නල් හේමන්ත පෙරේරා ‍ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංවිධානයෙන් සිදු කරන ලදී.

තව දුරටත්
news image

“ත්‍රිවිධ හමුදා මානවසම්පත දැයේ සංවර්ධන කාර්යය සඳහා දායක කර ගැනීමේ ව්‍යාපෘතිය යටතේ” 2020 වසරේ දෙවන වැඩසටහන රණවිරු කාන්තාවන් 15ක සහභාගීත්වයෙන් පවත්වන ලදී."

ශරීරාංග පුද කළ සාජන් මේජර් එම් ජී වික්‍රමරත්න රණවිරුවාගෙන් ස්වයං රැකියා.....

ශ්‍රී ලංකා යුද හමුදාවේ 6 වන සිංහ රෙජිමේන්තුවේ සේවය කරමින් සිටියදී පළාලි වාසවිලාන්හිදී තුවාල ලබා වම් පාදය අහිමිව ආබාධිත තත්වයට පත්ව සිටින සාජන් මේජර් M.G. වික්‍රමරත්න රණවිරුවා සුවිශේෂී ස්වයං රැකියා ව්‍යාපෘති කිහිපයක්ම පවත්වා ගෙන යනු ලබයි. පාසල් වියේදී විෂයයක් ලෙස මීමැසි පාලනය සම්බන්ධව හදාරා එම පරිචයෙන් නිවසට වී විශ්‍රාම සුවයෙන් ගත කරන කාලය අර්ථවත් ලෙස ගත කිරීමේ අරමුණින් යුතුව මී මැසි පාලනය ආරම්භ කර ඇත. මීමැසි ජනපද 50කින් ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය වෛරසයක් හේතුකොට ගෙන මුලුමනින්ම විනාශ වු බවත්, ස්ව උත්සාහයෙන් නැවත මීමැසි ජනපද 10කින් ස්වයං රුකියාව ආරම්භ කළ බවත් ඒ මහතා පවසා සිටින ලදී. ඔහුගේ බිරිඳ විසින් සාර්ථකව ඇන්තූරියම් වගාවක් ද සිය ඉඩම තුළ සිදු කරගෙන යනු ලබන අතර ගුරු වෘත්තියේ යෙදෙමින් ස්වකීය සැමියාගේ දෑත් ශක්තිමත් කරමින් ඇන්තූරියම්, ඕකිඩ් සහ ලිප්ටිප් මල් වගාව සාර්ථකව සිදු කරගෙන යනු ලබන ඔහුගේ බිරිඳ මී මැසි පාලනයට ද විශාල සහයෝගයක් ලබා දෙන බව දන‍්වා සිටින ලදී.

තව දුරටත්
news image

දැයේ සංවර්ධනයට බල ගැන්වෙන රණවිරු ස්වයං රැකියා.....

ක්‍රියාන්විතයේදී ශරීරාංග පුද කළ නිවෙස්ගතව සිටින රණවිරුවන් මානසිකව සහ ආර්ථිකව සවි බලගැන්වීමටත්, දැයේ සංවර්ධනයට ඔවුන් යොදා ගැනීමටත් රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ සහ කර්නල් හේමන්ත පෙරේරා මහතා 2020.06.23 වන දින රත්නපුර ප්‍ර‍දේශයේ සංචාරයක නිරත විය. මෙම සංචාරයේදී රණවිරු සේවා අධිකාරිය මගින් ක්‍රියාත්මක වෙන ස්වයං රැකියා ණය ව්‍යාපෘතියේ ආධාර මත ශරීරාංග පුද කළ රණවිරුවන් විසින් ආරම්භ කර තිබු විවිධ ස්වයං රැකියා ව්‍යාපෘති කිහිපයක් අධ්‍යක්ෂතුමාගේ නිරීක්ෂණයට ලක් විය. 6 පාබල හමුදාවේ සේවය කරමින් සිටියදී අලිමංකඩ යාල්දේවී සංග්‍රාමයෙදී 1993.09.28 වන දින දරුණු ලෙස තුවාලවී එක් ඇසක් පුර්ණ ලෙස අහිමි වු ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හුලද්දුව ග්‍රාමයේ පදිංචි W.W.A.P.K රණවිරු විජේසුන්දර මහතා සුරතල් මත්ස්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලබයි. රණවිරු සේවා අධිකාරිය මගින් ස්වයං රැකියා සඳහා ලබා දෙන රුපියල් ලක්ෂ 5ක ණය මුදලින් ආරම්භ කර ඇත. ඔහුගේ මෙම ව්‍යාපාරය සම්බන්ධව අදහස් දැක්වූ රණවිරුවා, රම්බඩගල්ල මිරිදිය මත්ස්‍ය පාසලේ සතියක පුහුණුවකින් පසුව සුරතල් මසුන් ව්‍යාපෘතිය, මත්ස්‍ය ටැංකි 25කින් ආරම්භ කරන ලද බව සඳහන් කරන ලද අතර ඉදිරියේදී මෙම ව්‍යාපාරය තවදුරටත් පුලුල් කිරීමේ අරමුණින් සිටින බවත් ව්‍යාපාරයට වෙළද පොළක් සකස් කර දෙන්නේ නම් එය මහත් පිටුවහලක් බවත් වැඩිදුරටත් පවසන ලදී.

තව දුරටත්
news image