මාපිය රැකවරණ අංශය

අරමුණ

යුද්ධයේදී ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්ව මියගිය, අතුරුදහන් හා ආබාධිත තත්වයට පත්ව වෛද්‍ය හේතූන් මත විශ්‍රාමිකව සිටින රණවිරුවන්ගේ දෙමාපියන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සදහා මූල්‍යමය වශයෙන් යම්කිසි සහනයක් ලබාදීම.

මෙහෙවර

යුද්ධයේදී ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්ව මියගිය, අතුරුදහන් හා ආබාධිත තත්වයට පත්ව වෛද්‍ය හේතූන් මත විශ්‍රාමිකව සිටින රණවිරුවන්ගේ දෙමාපියන් ජීවත්ව සිටින තාක් එක් අයෙකුට රු 750/= බැගින් දීමනාවක් ලබාදීම.

අනු අංකය අංකය නිළය නම හමුදාව කාර්යයභාරය
01 නි/68898 කපිතන් ටීජීඑන්කේ සේනාරත්න යුද්ධ හමුදාව අංශභාර නිලධාරී
02 XS82233 නානැවි ඩීඑම්ජීඅයිආර් කුමාර නාවික හමුදාව පරිගණක ක්‍රියාකරු
03 සෙ/සී101149 ලාකෝ නිලංකා ඩබ්ලිව්එම්එස්එන් යුද්ධ හමුදාව පරිගණක ක්‍රියාකරු
04 S/424892 ලා/කෝප්‍රල් සුරංග කේඒකේ යුධ හමුදාව ලිපිකරු
05 3452 කාආ:සි දිල්රුක්ෂි බීජී සිවිල් ආරක්ෂක ලිපිකරු

කාර්යය මණ්ඩලයේ වගකීම

  1. රණවිරු මාපියන් විසින් මාසිකව ඉදිරිපත් කරනු ලබන අයදුම්පත් ලිපිකරු විසින් පරික්ෂා කර රණවිරු සේවා අධිකාරියේ පනතට අයත් ලියකියවිලි සම්පූර්ණ අයදුම්පත පරිගණක ගත කිරීම
  2. ලියකියවිලි සම්පූර්ණ කරනු ලබන අයදුම්පත් පරිගණක ක්‍රියාකරු විසින් පරිගණක ගත කිරීම
  3. පරිගණක ගත කරන ලද අයදුම්පත නැවත පරික්ෂා කිරීම
  4. අංශ ප්‍රධානි විසින් දත්ත පද්ධතිය වෙත ඇතුලත් කරන ලද අයදුම්පත හා අදාළ ලියකියවිලි පරික්ෂා කර සනාථ කිරීම
  5. අංශ ප්‍රධානි විසින් සභාපති තුමාගේ අනුමැතිය සදහා යොමු කරන පරිගණක ගත කරන ලද රණවිරු දත්ත සභාපතිතුමාගේ අනුමැතියෙන් පසු සක්‍රිය ගිණුමක් බවට තහවුරු කිරීම
  6. මෙතෙක් අත්පත් කරගෙන ඇති ප්‍රගතිය *2012 වර්ෂයේ සිට 2019 ජූලි මස දක්වා මාසික ප්‍රතිලාභීන් ආසන්න වශයෙන් 36000 ක ප්‍රමාණයක් දක්වා වැඩි කරගනිමින් මාපිය රැකවරණ දීමනාව ලබාදීම සිදුකිරීම

අනාගත දැක්ම

*යුද්ධයේදී ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්ව මියගිය, අතුරුදහන් රණවිරුවන්ගේ දෙමාපියන් හා දැනට ආබාධිත තත්වයට පත්ව වෛද්‍ය හේතූන් මත විශ්‍රාමිකව සිටින රණවිරුවන්ගේ දෙමාපියන් වෙතද ඉදිරියේදී ආබාධිත තත්ත්වයට පත්වී වෛද්‍ය හේතූන් මත විශ්‍රාම යන රණවිරුවන්ගේ දෙමාපියන් වෙතද ජීවන තත්ත්වය නගා සිටුවීම සදහා මූල්‍යමය වශයෙන් යම්කිසි සහනයක් ලබාදීම අරමුණු කරගෙන මාසිකව මාපිය රැකවරණ 750 දීමනාව ලබාදීම

මාපිය රැකවරණය