පසු උවැටන පුනරුත්ථාපනය හා ක්‍රිඩා අංශය

ආබාධිත රණවිරුවන් පුනරුත්තාපනය හා රැක බලා ගැනීම

ක්‍රියාන්විතයේදී ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්ව ආබාධිත තත්ත්වයට පත් වෛද්‍ය වර්ග කිරීම් මත විශ්‍රාම ගන්වන ලද ආබාධිත රණවිරුවන් පුනරුත්තාපනය හා රැක බලා ගැනීමේ කර්තව්‍ය රණවිරු සේවා අධිකාරිය විසින් ඉටු කරනු ලබයි.එහිදී ආබාධිත රණවිරුවන් කායික, මානසික හා සාමාජයීය බලගන්වමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් මට්ටමකට පත්කොට පවත්වාගෙන යාමට අවශ්‍ය ක්‍රියාකාරකම් මෙම ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කරයි.

ආබාධිත උපකරණ , සහයක උපකරණ ලබා දීම.

සටනේදී අනතුරට ලක්වීම හේතු කොටගෙන තම දෛනික කටයුතු කරගෙන යාමට සහයක උපකරණවල අවශ්‍යතාවය මතුව ඇති රණවිරුවන්ට සහයක උපකරණ ලබා දීමට 2018 වර්ෂයේදී පහත පරිදි කටයුතු කර ඇත.

ආබාධිත තත්ත්වයට පත් රණවිරුවන්ට සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය

ආබාධිත තත්ත්වයට පත් රණවිරුවන්ගේ කායික සෞඛ්‍ය තත්ත්වය සුරක්ෂිතව පවත්වාගෙන යාමට හැකිවන ලෙස සෞඛ්‍යාරක්ෂිත නාන කාමරයක් ඉදිකර ගැනීමට මූල්‍යාධාර ලබා දීම මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කරයි.ආබාධිත තත්ත්වයට ගැලපෙන නව අංගෝපාංග, උපකරණ හා ආබාධිත පුද්ගලයෙකුට ප්‍රවේශවීමේ මාර්ග සහිතව නාන කාමරය ඉදිකිරීමට රණවිරුවා දිරිගැන්වීම මෙහිදී සිදු කරනු ලබයි. 2018 වර්ෂයයේ ලබා දුන් ප්‍රතිලාභ පිලිබද විස්තර පහත දැක්වේ.

ආබාධිත රණවිරු පුහුණු වැඩමුළු

ආබාධිත තත්ත්වයට පත්වීම හේතු කොටගෙන විශ්‍රාම ගන්වන ලද රණවිරුවන් සිවිල් සමාජ ගතව තම දෛනික ජීවිතය පවත්වාගෙන යයි.ඔවුන් යුද බිමේ බිහිසුණු ගැටුම්වලට මුහුණ පා අනතුරට ලක්ව ඇත.ඒ හේතුකොටගෙන ඔවුන් විවිධ මානසික සංකූලතා වලට ගොදුරුව ඔවුන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් ද ගැටලු සහගත තත්ත්වයට මුහුණපා ඇත.

ඔවුන් තනි තනිවමත්, පවුල් ලෙසත් හුදෙකලා තත්ත්වයට පත්ව ඇත.මෙම තත්ත්වයට මගහරවා රණවිරුවා දිස්ත්‍රික් හෝ පළාත් මට්ටමින් ඒකරාශී කර ඔවුන් දැනුම්වත් කිරීම මෙන්ම මනෝ සමාජීයව හා අධ්‍යාත්මිකව පෝෂණය කිරීම අරමුණු කොට මෙම පුහුණු වැඩමුළු ක්‍රියාත්මක කෙරේ.

මෙම වැඩමුළුවලට සමගාමීව ඔවුන්ගේ සෞඛ්‍ය ගැටලු හදුනා ගැනීම සහ කෘතීම පාද සකස් කිරීමට අවශ්‍ය මිමි ලබා ගැනීම ද සිදු කෙරේ. 2018 වර්ෂයේ පවත්වන ලද වැඩසටහන් පිලිබද විස්තර පසු පිටේ දැක්වේ.

ක්‍රීඩා සමාජ ගොඩනැගීම

යුද ව්‍යවසනයට මුහුණ පෑ ආරක්ෂක අංශයන්හි යුද වින්දිතයන් පුනරුත්ථාපන ක්‍රියාවලියෙහිලා උපයෝගී කරගත හැකි ප්‍රතිඵලදායී ක්‍රියාකාරකම් ලෙස ක්‍රීඩාව හදුනාගත හැක.රණවිරු සේවා අධිකාරිය ක්‍රීඩාව උපයෝගී කර ගනිමින් රණවිරු ප්‍රජාව බලගැන්වීමේ හා පුනරුත්ථාපන ක්‍රියාවලියේ සාර්ථකත්වයක් අත්පත් කරගෙන ඇත. 2018 වර්ෂයේ ජනාධිපති රන් කුසලාන පැරා වොලිබෝල් තරගාවලියේ ශූරතාවය හිමිකර ගැනීමට රණවිරු සේවා අධිකාරියේ පැරා වොලිබෝල් කණ්ඩායම සමත් වී ඇත.