විරුසර
අරමුණ
ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය ගොඩනැගීම වෙනුවෙන් ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී ජිවිත පුජා කල ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ මෙන්ම සිවිල් ආරක්ෂක දෙපාර්තමේත්තුවේ රණවිරුවන්ගේ ලඟම ඥාතීන්ගේ සහ ක්‍රියාන්විතයේදී රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ මෙන්ම ක්‍රියාන්විත සමයේ රාජකාරියේ නියුතුව නියමිත රාජකාරී කාලසීමාවෙන් පසු විශ්‍රාම ගොස් සිටින සහ ක්‍රියාන්විත සමයේ රාජකාරියට අනුයුක්ත වී මේ දක්වා රාජකාරියේ යෙදී සිටින රණවිරුවන්ගේ සුභසාධනය ඉහළ නැංවීම සදහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ පුර්ණ අධීක්ෂණය යටතේ රණවිරු සේවා අධිකාරිය වෙතින් ඉහත කී රණවිරුවන් වෙනුවෙන් නිසි ගෞරවයක් ලබාදීම සහ ඔවුන්ගේ එදිනෙදා ජීවන කටයුතු ප්‍රමුඛතාවය මත ඉටු කර ගැනීමේ මෙහෙවරක් වශයෙන් විරුසර නමින් වරප්‍රසාද කාඩ්පතක් පිරිනමනු ලබයි.
මෙම ව්‍යාපෘතිය අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.
ක්‍රියාන්විතයේදී මිය ගිය යුධ/නාවික/ගුවන් හා පොලිස්/සිවිල් ආරක්ෂක බලකායට අයත් නිළධාරී /සෙසු නිළයින්ගේ ලගම
ඥාතීන් සහ ක්‍රියාන්විතයේදී ත්‍රස්ථවාදී ප්‍රහාර හේතුවෙන් තුවාල ලබා ආබාධිත තත්වයට පත් නිළධාරී/සෙසුනිළයින්ගේ
එදිනෙදා අවශ්‍යතා ඉටුකර ගැනීම වෙනුවෙන් ලබාදෙන මෙම විරුසර වරප්‍රසාද මගින් ඔවුන් හට සමාජයේ නිසි ගෞරවයක් ලබා දී
එම කටයුතු ප්‍රමුඛතාවයක් මත ඉටුකර දීම මෙහි මෙහෙවර වේ.
විරුසර වරප්‍රසාද ප්‍රතිලාභීන්
පළමු අදියර
යුධමය කාලසීමාව තුළ ත්‍රිවිධ හමුදාව, පොලිස් දෙපාර්තුමේන්තුව සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවයේ යෙදී සිටියදී ජීවිත පරිත්‍යාග කල සහ
අතුරුදහන් වූ රණවිරුවන්ගේ ලඟම ඥාතීන් හෝ භාරකරුවන් වෙත සහ ක්‍රියාන්විතයේදී රණක්ෂිතයටපත් රණවිරුවන්ගේ සුභසාධනය උදෙසා පළමු අදියර ක්‍රියාත්මක වේ.
මෙම කාඩ්පත අයදුම් කිරීමේදී රණවිරු සංසද ඔස්සේ දිස්ත්‍රික් නිලධාරි මඟින් රණවිරු සේවා අධිකාරිය වෙත ඉදිරිපත් කර හෝ රණවිරු සේවා අධිකාරිය වෙත පැමිණ
අයදුම්පත් භාරදීම සිදුකල හැකිය.
දෙවන අදියර
1983 වර්ෂයේ සිට 2009 මැයි මස 19 වන දින දක්වා ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව තුල යහපත් පැවැත්මෙන් යුතුව
සේවය කර විශ්‍රාම ගිය හා එම වකවානුව ඇතුලත ත්‍රිවිධ හමුදාවට, පොලීසියට සහ සිවිල් ආරක්ෂක බලකායට බැදී තව දුරටත් සේවයේ යෙදී සිටින සියලුම රණවිරුවන්ට
හා ඉහත කාල සීමාව තුලදී ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රාජකාරීයේ යෙදී සිටියදී මියගිය, අතුරුදහන් හා
ආබාධිත සිවිල් සේවක මහතුන් වෙත මෙම අධියර යටතේ විරුසර කාඩ්පත ප්‍රදානය කරනු ලබයි.
නිලධාරීන් සඳහා නියමිත වසර 20 ක හෝ සෙසු නිළයන් සඳහා නියමිත වසර 22 ක් සහ කාන්තා අයවලුන් හට වසර 15 ක සේවා කාලය සපුරා දැනට
විශ්‍රාම ගොස් සිටින හෝ සේවයේ යෙදී සිටින රණවිරුවන් වෙත සහ පොලීසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රාජකාරීයේ යෙදී සිටියදී මියගිය,
අතුරුදහන් හා ආබාධිත සිවිල් සේවක මහතුන් වෙත දෙවන අදියර යටතේ පිරිනමනු ලබන මෙම කාඩ්පත ලබාගැනීමේදී ඒකක, රෙජිමේන්තු සහ
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නම් රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලය හරහා සහ අනෙකුත් අදාල ආරක්‍ෂක අංශයන්හි
සුභසාධන අංශ හරහා අයදුම්පත රණවිරු සේවා අධිකාරිය වෙත ඉදිරිපත් කල යුතුය.
කාර්යමණ්ඩලය
ලුතිතන් කොමාණ්ඩර් බීඑම්සී ධනපාල NVX5584 - අංශ භාර නිළධාරි
SX86918 නායක නැවි ජේඑම් බුද්ධික - දත්ත ක්‍රියාකරු
සෙ/ආර්100883 කෝප්‍රල් විමලරත්න ඒජිඅයිඑම්- දත්ත ක්‍රියාකරු
සෙ/378669 කෝප්‍රල් සුජීව ඩිජිකේ - දත්ත ක්‍රියාකරු