පළාත් අංශය

අරමුණු

  1. ප්‍රාදේශීයව විසිරි ජීවත්වන රණවිරු ප්‍රජාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සංවිධාන ගතව ඇති රණවිරු සංසද ක්‍රියාකාරිව පවත්වාගෙන යාම.
  2. රණවිරු ප්‍රජාව සජිවිකරණය කිරීම.
  3. ආයතනයේ සේවාවන් (ප්‍රතිලාභ) සාධාරණ ලෙස ග්‍රාමීය ප්‍රදේශ වල සේවා ලාභින් වෙත ලබා දීම, විධිමත් ක්‍රියාකාරී යාන්ත්‍රණයක් ගොඩ නැගීම.
  4. රණවිරු සංසද සාමාජිකයින් ආර්ථික, සාමාජීය, මානසික හා සංස්කෘතිකමය වශයෙන් සවිබල ගැන්වීම.

මෙහෙවර

ජාතික ආරක්ෂාව හා රණවිරු සුභසාධන රජයේ ප්‍රමුඛතම ප්‍රතිපත්තියකි. ජාතික ආරක්ෂාවේ ස්ථාවරත්වයක් හා සාමයක් රටේ ආර්ථික සංවර්ධනය වේගවත් කිරීමට හේතු වේ. එමෙන්ම ඕනෑම හදිසි ආපදා තත්ත්වයකදී ආරක්ෂක අංශ සාමාජිකයින් ජිවිත පරිත්‍යාගයෙන් යුතුව කටයුතු කරයි. එම පවුල්වල සාමාජික සාමාජිකාවන්ගේ සුභසාධන කටයුතු ඔවුන් තෘප්තිමත් වන ආකාරයෙන් ඉටුකිරීමෙන් ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ චිත්ත ධෛර්යය වර්ධනය කොට උපරිම කාර්යක්ෂමතාවයකින් යුතුව ඔවුන්ගේ සේවාවන් ලබා ගැනීමට හේතු වනු ඇත.

ක්‍රියාන්විතයේදී ජිවිත පරිත්‍යාග කළ රණවිරුවන්ගේ පවුල් වල සාමාජික සාමාජිකාවන් හා ආබාධිත තත්වයට පත් රණවිරු පවුල් වල සාමාජික සාමාජිකාවන්ගෙන් අති බහුතර සංඛ්‍යාවක් දිවයිනේ ග්‍රාමීය ප්‍රදේශවල පදිංචිව සිටි. රණවිරු සේවා අධිකාරියේ සේවාවක් ලබා දීමේදී එම සේවාවන් රට පුරා විසිරි යන ආකාරයෙන් සාධාරණව ලබා දීමට ඔවුන්ගේ දැවෙන අවශ්‍යතාවයන් හදුනා ගැනීම හා ආයතනය හා සේවාලාභින් අතර නිරන්තර සබඳියාවක් පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වේ.ඒ අනුව ආයතනයේ ආරම්භයේ සිට “රණවිරු සංසඳ” සංවිධාන ජාලය යාවත්කාලීනව පවත්වාගෙන ඒම මේ දක්වා සිදු කොට ඇත. ඉදිරියේදී ද වඩාත් සක්‍රිය හා විධිමත් සන්විධාන ජාලයක් ලෙස රණවිරු සංසඳ පවත්වාගෙන යාම මගින් රට පුරා විසිරි ජිවත් වන රණවිරු ප්‍රජාව වෙත රණවිරු සුභ සාධනය ඉලක්ක කළ රාජ්‍ය සේවාවන් ප්‍රශස්ත හා ඵලදායි ලෙස ළගා කිරීමට මෙම ව්‍යාපෘතියෙන් හැකි වනු ඇත.

කාර්ය මණ්ඩලය

පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්

provincial-staff
නියෝජ්‍ය අධ්‍යක්ෂිකා එම්.ඩී. ධම්මිකා ෂෙල්ටන්
(බස්නාහිර, මධ්‍යම පළාත්)
provincial-staff
නියෝජ්‍ය අධ්‍යක්ෂ ජේ.ඒ. තුෂාර ජයසිංහ
( උතුරුමැද, වයඹ පළාත්)
provincial-staff
නියෝජ්‍ය අධ්‍යක්ෂ ඒ.ඒ. චන්දන අබේවර්ධන
(දකුණ, ඌව පළාත්)
provincial-staff
නියෝජ්‍ය අධ්‍යක්ෂ කේ.ටී.සී. එන්. කමල්සිරි
(නැගෙනහිර, සබරගමුව පළාත්)
provincial-staff
කළමණාකරන සහකාර පී.යූ.එස් පනාවල
provincial-staff
පො:සැ: සන්දනායක ඩබ්.එම්.එස්.
provincial-staff
කෝප්‍රල් ප්‍රියංගිකා ඊ.එම්.ජී.

රණවිරු ප්‍රජා ජාලය යාවත්කාලීනව පවත්වාගෙන යාම (රණවිරු සංසද ප්‍රවර්ධනය)

රණවිරු සංසද සංඛ්‍යාව 272 කි. මාසිකව දැනුම්වත් කිරීමේ වැඩසටහන් 125 බැගින් වාර්ෂිකව 1500 ක් පැවැත්වීමට කටයුතු කරයි.

රණවිරු සංසද දිස්ත්‍රික් දැනුවත් කිරිම

දිවිපිදු රණවිරුවන්ගේ ළඟම ඥාතීන් හා ආබාධිත විශ්‍රාමික රණවිරුවන්ගේ ළඟම ඥාතීන් අතර අනෝන්‍ය සහ සම්බන්ධතාව ගොඩනැංවීම තුළින් එම පවුල්වල මනෝ සමාජීය සංවර්ධනය හා රණවිරු නාමය සදා අනුස්මරණය කිරීම උදෙසා රණවිරු සේවා අධිකාරියට අයත් නිල සන්නිවේදන ජාලය “ රණවිරු සංසද ” වේ.

රණවිරු සංසද පරිපාලනය සඳහා රණවිරු සංසද ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් කර ඇත. රණවිරු සංසද 273 ක් දැනට පවත්වාගෙන යන අතර දිස්ත්‍රික් මට්ටමින් සංසද නිලධාරින් දැනුවත් කරමින් වැඩටහන් පැවැත්වීම පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් මාර්ගයෙන් සිදු කරනු ලබයි.

රණවිරු ගම්මානවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය

ඉල්ලීම් අනුව සභාපතිතුමන්ගේ තීරණය මත මූල්‍යාධාර ලබා දේ.