සැලසුම් පසුවිපරම් හා ව්‍යවසාය සංවර්ධන අංශය/ සැලසුම් හා පසුවිපරම් ව්‍යවසාය සංවර්ධන

අරමුණු

  1. යුදමය ව්‍යසනයට ලක් වූ රණවිරුවන් හා එම පවුල් සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් පනතින් පැවරී ඇති කර්තව්‍යන් හා රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව සේවාලාභීන්ගේ ජිවන තත්වය ඉහල නැංවීමට හැකිවන ලෙස රණවිරු සේවා අධිකාරියේ ව්‍යාපෘති සැලසුම් කිරීම.
  2. රණවිරු සේවා අධිකාරියේ ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ පසු විපරම.
  3. රණවිරු සේවා අධිකාරියේ ආදායම් වර්ධනය කිරීම සඳහා සුදුසු කෘෂිවාණිජ ව්‍යවසායන් සංවර්ධනය කිරීම.
යුද වින්දිතයන් වන රණවිරුවන් හා එම පවුල් සාමාජික සාමාජිකාවන්ගේ ජිවිතයට එල්ල වූ යුදමය ව්‍යසනයේ බලපෑම් හේතුකොටගෙන ඇතිව ඇති සහ ඇති විය හැකි ගැටලු අවම කර ගැනීම අධිකාරියේ විවිධ ව්‍යාපෘති මගින් අපේක්ෂා කෙරේ.එහිදී මුලික කරුණු 5 පදනම් කරගෙන ව්‍යාපෘති සැලසුම් කිරීම සිදු කරයි.
  1. දුබලතාවයට පත් රණවිරුවන් පුනරුත්තාපනය හා රැක බලා ගැනීම.
  2. රණවිරු පවුල් සාමාජික සාමාජිකාවන්ගේ නිවාස හා ඉඩම් අවශ්‍යතා සම්පුර්ණ කිරීම.
  3. රණවිරු පවුල් සාමාජික සාමාජිකාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ප්‍රවර්ධනය.
  4. රණවිරු පවුල් සාමාජික සාමාජිකාවන්ගේ අධ්‍යාපනයට ඇති අවස්ථා තහවුරු කිරීම හා ඊට උපකාර කිරීම.
  5. රණවිරු පවුල් සාමාජික සාමාජිකාවන්ගේ සේවා නියුක්තිය තහවුරු කිරීම හා ආර්ථික සංවර්ධනය.

අරමුදල් ප්‍රවර්ධනය

රණවිරු උත්තම ප්‍රණාම සමරු සඟරා 9ක් මුද්‍රණය කිරීමට සැලසුම් කර ඇත.රණවිරු දින සමරු සඟරාවෙන් ලක්ෂ 5 ආදායමක් උපදවා ඇත.