නිවාස යටිතල පහසුකම් ඉඩම් සුභසාධන හා ව්‍යවසාය සංවර්ධන අංශය/ නිවාස යටිතල පහසුකම් ඉඩම් සුභසාධන ව්‍යවසාය සංවර්ධන

හැදින්වීම

රණවිරු සේවා අධිකාරියේ කාර්යය භාරය රණවිරුවන් හා එම පවුල් සඳහා ඉටුකිරිමේදි වඩාත් විශේෂ වු හා සංකීර්ණ වු අංශයක් ලෙස අදාල පවුල් සඳහා වාසස්ථානයක් සපයාදීම දැක්විය හැකිය. එහෙත් බොහෝ විට නිවාස හා සහණ ණය ව්‍යාපෘතීන් මාර්ගයෙන් අවශ්‍ය මුල්‍ය පහසුකම් සපයා පදිංචියට නිවසක් සඳහා දිරිදුන්නද එම නිවස ගොඩනැගීම සඳහා ස්ථානයක් (ඉඩමක් ) හිමිව නැති අවස්ථාවන් වලදී රණවිරුවා හා එම පවුල් මහත් අසීරුතාවයකට පත්වේ. තවද ඉඩමක් නොමැති වීම වෙනත් සුබසාධන අවශ්‍යාතාවයන් ලබා ගැනීම සඳහා බාධාවක්ද වනවා ඇත. ඒ අනුව රණවිරු සේවා අධිකාරියේ ඉඩම් ව්‍යාපෘතිය ඇති කරන ලද අතර ,ඒ තුලින් සෘජුව ඉඩම් කැබලි ලබාදීම හා වක්‍රව ඉඩම් ලබාගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීම සිදුකෙරේ.

අරමුණු

  1. ඉඩම් නොමැති රණවිරුවන් හා එම පවුල් හඳුනා ගැනීම.
  2. රණවිරුවන් වෙත බෙදාදිය හැකි රජයේ හෝ වෙනත් ඉඩම් හඳුනාගැනීම හා බෙදාදීමට සුදුසු තත්වයට ගෙන ඒම.
  3. රණවිරුවන් වෙත බෙදා දීමට නියමිත ඉඩම් සංවර්ධනය කිරීම.
  4. රජයේ ඉඩම් වල අනවසරයෙන් පදිංචි වි ඇති රණවිරුවන් සඳහා රණවිරු පදනම මත ඔප්පු/බලපත්‍ර ලබා ගැනිමට සහය වීම.
  5. රණවිරුවන් පදිංචි ඉඩම් ගැටළු නිරවුල් කිරිමට සහය වීම.

මෙහෙවර

තම වටිනා ජිවිතය,තම සේවා කාලය තුල දේශයේ ඒකීය භාවය සුරැකීම වෙනුවෙන් කැපකල අභීත විරුවන් ඇගයීම වස් ඔවුන් විසින් නිදහස් කරදුන් මාතෘ භූමියේහි තමන්ට කියා බිම් අගලක්වත් නොමැති එම මහගු කාර්ය වෙනුවෙන් ජිවිතය පුජාකළ,අතුරුදහන්වු ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ සමාජිකයන්ගේ ලඟම ඥාතීන් හා ක්‍රියාන්විතයේදී අබාධිත විශ්‍රාමික වු දිවයින පුරා විසිරි සිටින රණවිරුවන් වෙත නේවාසික කටයුතු සඳහා සුදුසු පහසුකම් සහිත පරිසරයක රජය සතු ඉඩමක් ලබාදීම .

කාර්ය මණ්ඩලයේ වගකීම් සහ ක්‍රියාකාරකම්

රණවිරු නිවාස සැපයීම සහ එහි ලා සහාය වීම

ක්‍රියාන්විතයේදී ආබාධිත රණවිරුවන් සඳහා සහ මියගිය හෝ සොයාගත නොහැකි රණවිරුවන්ගේ යැපෙන්නන්ට රණවිරු සේවා අධිකාරියේ පනතින් පැවරි ඇති කර්තව්‍ය යටතේ නිවාස සැපයීම හා එහිලා සහාය වීම වෙනුවෙන් පහත ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබයි.

  1. විරුසුමිතුරු නිවාස ව්‍යාපෘතිය.
  2. නිවාස ණය ලබා දීම.
  3. හදිසි ආපදාවන්හිදි මුල්‍යාධාර ලබාදීම.
  4. රණවිරු ඉඩම් ව්‍යාපෘතිය.
  5. ක්‍රියාන්විතයේදී දිවි පිදු විවාහක රණවිරුවන්ගේ වැටුප් නොලබන දෙමාපියන් ආර්ථිකව හා මානසිකව ශක්තිමත් කිරීමේ මා පිය සුරැකුම ව්‍යාපෘතිය

විරුසුමිතුරු නිවාස ව්‍යාපෘතිය

නිවාස හා ඉදිකිරිම් අමාත්‍යාංශය යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය යටතේ රණවිරු සේවා අධිකාරිය ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන “ විරුසුමිතුරු ” ජාතික නිවාස ව්‍යාපෘති වැඩසටහන 2017 වර්ෂයෙන් ආරම්භව 2020 වර්ෂය දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ක්‍රියාන්විත රාජකාරියේදී ත්‍රස්තවාදී ප්‍රහාර වලට ලක්ව දිවිපිදූ රණවිරුවන්ගේ ළඟම ඥාතීන් සහ ක්‍රියාන්විත රාජකාරියේදී ත්‍රස්තවාදී ප්‍රහාර වලට ලක්ව ආබාධිත තත්ත්වයට පත්ව ඒ නිසාම විශ්‍රාම තත්ත්වයට පත්වූ ආබාධිත විශ්‍රාමික රණවිරුවන්ගේ නිවාස අවශ්‍යතාවය සම්පුර්ණ කිරීම පෙරදැරි කරගෙන මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.

විරුසුමිතුරු නිවාස ව්‍යාපෘතිය මඟින් 2017 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා වසර 4 ක කාලයක් තුළ නිවාස 3650 ක් ඉදිකර අවසන් කිරීමට සැලසුම් කර ඇති අතර,ව්‍යාපෘතියේ සමස්ත පිරිවැය රු.මි. 3192 කි.මෙම මුදල නිවාස සංවර්ධන අධිකාරිය වෙත මහා භාණ්ඩාගාරයෙන් ලැබෙන අතර සුදුසු ප්‍රතිලාභීන් තෝරා නිවාස සංවර්ධන අධිකාරිය වෙත යොමු කිරීම රණවිරු සේවා අධිකාරිය මඟින් සිදු කරනු ලැබේ.

ව්‍යාපෘතිය මඟින් ප්‍රතිලාභීත්වය සඳහා තෝරා ගත් මුළු අර්ධ හා පුර්ණ නිවාස පිළිබඳ දත්ත පහත පරිදි වේ.

සංසද හා ගම්මාන සඳහා නිවාස ණය ලබා දීම

රණවිරු සංසද හා ගම්මානවල සිටින රණවිරු පවුල්වල සාමාජික සාමාජිකාවන්ගේ නිවසක් ගොඩනඟා ගැනිමේ සිහිනය සැබෑ කිරිමේ අරමුණින් යුතුව රණවිරු සේවා අධිකාරිය විසින් නිවාස ණය ලබා දීම සිදු කෙරේ. ක්‍රියාන්විතයේදී ජීවිතය පුදකළ, අතුරුදහන් රණවිරුවන්ගේ ළඟම ඥාතීන් හා ක්‍රියාන්විතයේදී ආබාධිත විශ්‍රාමික රණවිරුවන් මෙම ප්‍රතිලාභය ලබා ගත හැකි පාර්ශවයන් වේ.

මෙමඟින් රු. 300,000.00 ක ණය මුදලක් ලබා දෙන අතර එය වාරික 02 ක් ලෙස ලබා දීම සිදු කරයි. එය අයකර ගැනීමේ කාලය උපරීම වසර 04 ක් වන අතර 5% ක සේවා ගාස්තුවක් මත මෙම ණය මුදල ලබා දෙනු ලැබේ.

හදිසි ආපදාවන්හිදී මුල්‍ය ආධාර ලබා දීම

රණවිරු සංසද සාමාජිකත්වයේ හෝ සේවයේ යෙදී සිටින ආබාධිත රණවිරුවන්ගේ ඇතිවන නාය යෑම්, සුළි සුළං, ගිණිගැනීම් හා ජල ගැලීම් වැනි හදිසි ආපදා තත්ත්වයකදී ඔවුන්ට සිදුවන අලාභ හානි සැලකිල්ලට ගෙන එම රණවිරු පවුල් වෙත අස්වැසිල්ලක් වන අරමුණෙන් රු. 25,000.00 ක මුදල් කඩිනමින් ලබා දී රණවිරු පවුල් වෙත මුල්‍ය සහනයක් ලබා දීම මෙමඟින් සිදු කරයි.

රණවිරු ඉඩම් ව්‍යාපෘතිය.

රණවිරු සේවා අධිකාරියේ කාර්යභාරය රණවිරුවන් හා එම පවුල් සඳහා ඉටුකිරිමේදී වඩාත් විශේෂ වූ හා සංකීර්ණ වූ අංශයක් ලෙස අදාල පවුල් සඳහා වාසස්ථානයක් සපයාදීම දැක්විය හැකිය. එහෙත් බොහෝ විට නිවාස හා සහන ණය ව්‍යාපෘතීන් මාර්ගයෙන් අවශ්‍ය මූල්‍ය පහසුකම් සපයා පදිංචියට නිවසක් සඳහා දිරිදුන්න ද එම නිවාස ගොඩනැඟීම සඳහා ස්ථානයක් ( ඉඩමක් ) හිමිව නැති අවස්ථාවන් වලදී රණවිරුවා හා එම පවුල් මහත් අසීරුතාවයකට පත්වේ.

එයට විසඳුමක් ලෙස ඉඩම් ව්‍යාපෘතිය මඟින් සෘජුවම ඉඩම් කැබලි ලබා දීම හා වක්‍රව ඉඩම් ලබා ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීම සිදු කෙරේ.

ක්‍රියාන්විතයේදී දිවි පිදු විවාහක රණවිරුවන්ගේ වැටුප් නොලබන දෙමාපියන් ආර්ථිකව හා මානසිකව ශක්තිමත් කිරීමේ මා පිය සුරැකුම ව්‍යාපෘතිය

ප්‍රතිලාභීන් 1023 දෙනෙකුට එක් අයෙකු පමණක් සිටීනම් රු 2250 බැගින්ද දෙදෙනමෙ සිටීනම් රු 3000 බැගින්ද වන පරිදි වාර්ෂිකව රු මිලියන 28.8 ක් ගෙවීම් සිදු කරයි.