තොරතුරු තාක්ෂණ හා මාධ්‍ය අංශය

තොරතුරු තාක්ෂණ අංශය

මධ්‍යගත දත්ත පද්ධතිය සැකසීමේ කාර්යය අරමුණු කර ගනිමින් රණවිරු සේවා අධිකාරිය තුල තොරතුරු තාක්ෂණ අංශය බිහි වු අතර ඉන් අනතුරුව ආයතනික අවශ්‍යතා හදුනාගනිමින් තොරතුරු තාක්ෂණය උපයෝගී කර ගනිමින් ඵලදායී සේවාවක් ලබා දෙමින් කටයුතු කරමින් පවති.

අංශයේ දැක්ම

විධිමත් ව පද්ධති හසුරවමින් ආයතනයේ සුභසාධනය සදහා මනා සහයෝගයෙන් සේවකයන් කාර්යක්ෂමව සාර්ථකත්වයට යොමු කිරීම.

මෙහෙවර

  • නව ක්‍රමවේදයන් වලට අනුව තොරතුරු සන්නිවේදන තාක්ෂණයෙන් උපරිම ප්‍රයෝජන ගෙන සේවාවන් කාර්යක්ෂමව ඉටු කිරිම.
  • කකෙටි කාලීන හා දිගුකාලීන පිරිවැය ඉතිරි කිරිම් සදහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය මගින් තාර්කික ගොඩනැගීම.

අංශයේ කාර්යයභාරයන්

  • මධ්‍යගත ඒකාබද්ධ දත්ත පද්ධතිය නිර්මාණය කිරිම හා යාවත්කාලීන කිරිම‍.
  • වෙබ් අඩවිය හා මුහුණු පොත නිර්මාණය කිරිම හා යාවත්කාලීන කිරිම.
  • ආයතනයේ පරිගණක අළුත්වැඩියා කටයුතු සිදු කිරිම හා අධීක්ෂණය කිරිම.
  • රණවිරු සේවා අධිකාරියේ සර්වර් නඩත්තුව හා ජාලකරණ පද්ධතිය පවත්වාගෙන යාම.
  • ආයතනික කාර්යක්ෂමතාවය හා පිරිවැය අඩුකිරිම සඳහා නවෝත්පාදන තොරතුරු තාක්ෂණ පද්ධති නිර්මාණය කිරිම.
  • ආයතනයේ මුද්‍රණ කාර්යයන්ට අදාල නිර්මාණ කටයුතු සිදු කිරිම.
  • ආයතනයේ ප්‍රධාන විද්‍යුත් තැපෑල පරීක්ෂා කිරිම හා බෙදා හැරීම.

• මධ්‍යගත ඒකාබද්ධ දත්ත පද්ධතිය නිර්මාණය කිරිම හා යාවත්කාලීන කිරිම.

ක්‍රියාන්විත හේතූන් මත දිවි පිදූ හා ක්‍රියාන්විත හේතූන් මත ආබාධිතව විශ්‍රාම ගන්වන ලද රණවිරුවන් හා ඔවුන්ගේ පවුල් වල ලඟම ඥාතීන් වෙත ඵලදායී සේවාවක් සැලසීම, ප්‍රතිලාභ නිසි පරිදි බෙදී යාම හා ඔවුන්ගේ අවශ්‍යතාවයන් හඳුනාගැනීම සඳහා මධ්‍යගත ඒකාබද්ධ දත්ත පද්ධතිය ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමඟ නිර්මාණය කිරීම ආරම්භ කිරීම. ඇතුළත් කළ දත්තයන්හි යාවත්කාලීන කිරීමේ කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ සුබ සාධන අංශ සමඟ සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම.

• වෙබ් අඩවිය හා සමාජ මාධ්‍ය ජාල නිර්මාණය කිරිම හා යාවත්කාලීන කිරිම.

ආයතන විසින් සලසන්නා වු විවිධ වු සේවාවන් පිළිබඳව හා ආයතනය පිළිබඳ තොරතුරු ඉතා නිවැරදි ලෙස දැනගැනීම සඳහා වෙබ්අඩවිය හා සමාජ මාධ්‍ය ජාල නිර්මාණය කර පවත්වාගෙන යාම තොරතුරු තාක්ෂණ අංශය විසින් සිදු කරනු ලබයි.

• ආයතනයේ පරිගණක අළුත්වැඩියා කටයුතු සිදු කිරිම හා අධීක්ෂණය කිරිම.

මෙතෙක් ආයතනයේ පැවති පරිගණක අළුත්වැඩියා කටයුතු සේවා සපයන ආයතන වෙතින් මිල ගණන් කැඳවා සිදු කරනු ලැබු අතර එම තත්ත්වය වෙනස් කරමින් තොරතුරු තාක්ෂණ අංශය විසින් පරිගණක අළුත්වැඩියාව, සේවා සැපයීම හා අධික්ෂණ කටයුතු සිදු කරමින් පවති. ආයතනයේ අංශයන් හි අවශ්‍යතාවයන් සඳහා සුදුසු මෘදුකාංග හඳුන්වාදීම හා ඒවා පරිගණක තුල ස්ථාපනය ( Install ) කර දීම තොරතුරු තාක්ෂණ අංශය විසින් සිදු කරනු ලබයි.

• රණවිරු සේවා අධිකාරියේ ජාලකරණ පද්ධතිය පවත්වාගෙන යාම.

ආයතනයේ පවතින සියලුම පරිගණක මේ වන විට ජාලගත කොට ඇති අතර දෛනිකව සිදු වන බිඳ වැටීම් සැකසීමත් ප්‍රධාන Server පද්ධතිය පවත්වාගෙන යාමත් සිදු කරනු ලබයි. තවද ආයතනයේ සියලුම පරිගණක ජාලය වෙත මේ වන විට අන්තර්ජාල පහසුකමද ලබා දී ඇත.

• ආයතනික කාර්යක්ෂමතාවය හා පිරිවැය අඩුකිරිම සඳහා නවෝත්පාදන තොරතුරු තාක්ෂණ පද්ධති නිර්මාණය කිරිම.

ආයතනයේ කාර්යක්ෂමතාවය හා පිරිවැය අඩුකිරිම සඳහා අංශයන්ගේ ඉල්ලීම මත සුදුසු තොරතුරු තාක්ෂණ පද්ධති නිර්මාණය කිරිම සඳහා තොරතුරු තාක්ෂණ අංශය සැලසුම් කොට ඇත.

• ආයතනයේ මුද්‍රණ කාර්යයන්ට අදාල නිර්මාණ කටයුතු සිදු කිරිම.

ආයතනයේ විවිධ වු මුද්‍රණ කාර්යන් සඳහා අවශ්‍ය ග්‍රැෆික් නිර්මාණ සැකසීම අංශය විසින් සිදු කරනු ලබයි.


මාධ්‍ය අංශය

• මෙහෙවර.

රණවිරු සේවා අධිකාරියේ සියලු ව්‍යාපෘති හරහා සිදු කරනු ලබන රණවිරු කටයුතු සඳහා මාධ්‍ය භාවිතා කර ප්‍රචාරය කිරීම සහ අධිකාරියේ කර්තව්‍ය සිදු කිරීමෙහිලා ඊට අදාල විශේෂ අනුශංගික කාරණා සිදු කිරීම.

• කාර්යයන්

රණවිරු සේවා අධිකාරියේ සියළුම විශේෂ වැඩසටහන් සඳහා අවශ්‍ය මාධ්‍ය සහය ලබා දීම හා රණවිරු කොඩි දිනය, ජාතික රණවිරු දිනය සහ පළාත් රණවිරු උත්සව කටයුතු සඳහා නිසි මාධ්‍ය ප්‍රචාරණයක් ලබා දීම.

  • රණවිරු සේවා අධිකාරියේ නිල වෙබ් අඩවිය යාවත්කාලීන කිරීම.
  • රණවිරු සේවා අධිකාරිය මඟින් සිදු කරනු ලබන ව්‍යාපෘති / වැඩසටහන් සඳහා මාධ්‍ය ආවරණ ලබා දීම.
  • සමාජ මාධ්‍ය යාවත්කාලීන කිරීම.