හමුදා සම්බන්ධීකරණ අංශය

කාර්යය භාරය

  1. රණවිරු සේවා අධිකාරිය මගින් දිවයින පුරා පවත්වනු ලබන රණවිරු සුභසාධන ව්‍යාපෘති, වැඩමුළු, වැඩසටහන්, වෛද්‍ය සායන ආදිය පැවැත්වීමේ දි, රණවිරුවන් සහ කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය වන දේශණ ශාලා, ආහාර, නවාතැන්, විවිධ සම්බන්ධීකරණ කටයුතු, වාහන සපයා ගැනිම ඇතුලු සුභසාධක්‍රමන අවශ්‍යතාවයන් අධිකාරියේ උසස් නිලධාරින්ගේ උපදෙස් සහ අනුමැතිය මත ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සම්බන්ධීකරණය කර ගනිමින් ඉල්ලුම් කර එම පහසුකම් ලබා ගැනිමට කටයුතු කර දීම.
  2. මුදල් මත ලබා ගත් සේවාවන් සඳහා ගෙවිය මුදල් අධිකාරිය සහ සේවාව සම්බන්ධීකරණය කර ගනිමින් ගෙවීම් කටයුතු කඩිනම් කර ගැනිමට අවශ්‍ය සහයෝගය ලබා දිම, අධිකාරි පරිශ්‍රයේ සිදු කරන විවිධ නඩත්තු සහ අලුත්වැඩියාවන් හමුදා ශ්‍රමදායකත්වය මගින් ඉටු කර ගැනිමට අවශ්‍ය සම්බන්ධීකරණය සිදු කිරිම.
  3. අධිකාරි පනතට ගැනෙන රණවිරුවන්, රණවිරු ළඟම ඥාතින් විසින් විවිධ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, ආයතන, උසස් හමුදා මුලස්ථාන, පොලිස් ස්ථාන, ආදි ස්ථාන වලින් තම අවශ්‍යතාවයන් ඉටු කර ගැනිමට ඉල්ලා අධිකාරිය වෙත යොමු කරන ලිඛිත ඉල්ලීම් උසස් නිළධාරින්ගේ අනුමැතිය මත ආවරණ ලිපියක් සහිතව අදාළ ස්ථාන වෙත යොමු කර ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටු කර ගැනිම සඳහා සහය ලබා දීම.
  4. අධිකාරියට අනුයුක්ත කර ඇති ත්‍රිවිධ හමුදා සහ පොලිස් සේවා කවුළුවේ සමාජිකයන්ගේ පාලන කටයුතු, නිවාඩු සහ වැටුප් ඉල්ලුම් කිරිම් ආදි පරිපාලන කටයුතු සිදු කිරිම සහ අධිකාරියේ පොදු කටයුතු සඳහා සේවා කවුළුව සම්බන්ධීකරණය කර අදාළ කාර්යය සාර්ථකව ඉටු කර ගැනිමට කටයුතු කිරිම.