සෞඛ්‍ය, උපදේශන හා කාන්තා කටයුතු අංශය

වෛද්‍ය පහසුකම් සැපයීම සහ එහි ලා සහාය වීම.

ආබාධිත රණවිරුවන්, ඔවුන්ගේ පවුල් වල ළඟම ඥාතීන් හා දිවි පිදූ, අතුරුදහන් රණවිරුවන්ගේ ළඟම ඥාතීන් කායික හා මානසික වශයෙන් සවිබල ගැන්වීම සඳහා රණවිරු සේවා අධිකාරියේ පනතින් පැවරී ඇති කර්තව්‍යක් ලෙස වෛද්‍ය පහසුකම් සැපයීම සහ එහි ලා සහාය වීම යන කරුණ සඳහන් කල හැකිය. ඒ අනුව එය ඉටු කිරීම සඳහා පහත ව්‍යාපෘති හා වැඩසටහන් රණවිරු සේවා අධිකාරිය විසින් සිදු කරනු ලබයි.

ක්‍රියාන්විත හේතුන් මත ආබාධිත විශ්‍රාමික තත්ත්වයට පත්ව රෝගාබාධයන්ට ලක් වූ රණවිරුවන්, ඔවුන්ගේ පවුල් වල ළඟම ඥාතීන් සහ දිවිපිදු රණවිරුවන්ගේ ළඟම ඥාතීන්ගේ වෛද්‍ය ප්‍රතිකාර කටයුතු සඳහා සහාය වීම මෙම වැඩසටහන වෙතින් සිදු කෙරේ.

මේ යටතේ හදිසි සැත්කම් සඳහා ආධාර කිරිම, වෛද්‍ය පරීක්ෂණ සඳහා සහාය වීම, රෝග තත්ත්වයන් මඟහරවා ගැනීමට අත්‍යවශ්‍ය වන වෛද්‍ය උපකරණ ලබාදීම, ආර්ථික අපහසුතා ඇති රෝගයන්ගෙන් පෙලෙන ඉල්ලුම්කරුවන්ට ප්‍රතිකාර ගැනීම සඳහා සහාය වීම ආදී කාර්යයන් සඳහා සහාය ලබාදීම මෙමඟින් සිදු කරයි.

ඒ අනුව, ප්‍රතිලාභීන් 70 දෙනෙකු සඳහා මාසිකව වෛද්‍ය ආධාර ගෙවීම් සිදු කරයි.ඉල්ලීම් ලැබෙන පරිදි මාසිකව ලක්ෂ 250000 ක මුදලක් ගෙවීම් සිදු කරයි.

රණවිරු කාන්තාවන් බල ගැන්වීම

කාන්තාවන් දැනුවත් කිරීමේ වැඩසටහන් දිස්ත්‍රික්ක මට්ටමින් පැවැත්වීමට කටයුතු යොදා ඇත.