වගා රෝපණ රණවිරුවෙකුගේ සහජ හැකියාවට රැකියාවක් හරිත ආගමනයට රණවිරු දෑතින් සවියක්...
මව්බිමේ නිවහල් බව වෙනුවෙන් ශරීරාංග පුදකළ රණවිරුවන් දැයේ සංවර්ධනයට දායක කරගැනීමේ අභිලාෂය යටතේ රණවිරු සේවා අධිකාරියේ උතුරු මැද පළාත් නියෝජ්‍ය අධ්යක්ෂ තුෂාර ජයසිංහ මහතාගේ සහ පොළොන්නරු දිස්ත්‍රික් නිලධාරී කසුන් චතුරංග මහතා සිදු කළ නිරික්ෂණ චාරිකාවක දී මානුෂීය මෙහෙයුමේ දී සිය ශරීරාංග පුද කළ මැදිරිගිරිය රණවිරු සංසදයේ රණවිරු ජී.ආර්. අජිත් බණ්ඩාර මහතා ස්වයං රැකියාවක් ලෙස පවත්වා ගෙන යන “නෙත්මිණ” පැළ තවාන අධීක්ෂණය කරන ලදී.
මී, කුඹුක්, නා, මයිල, තිඹිරි, බක් මී වැනි දුර්ලභ වන රෝපණ ශාක වර්ග හා කටු අනෝදා, අඹ, උගුරැස්ස, කොස් වැනි පළතුරු පැළ වර්ග රැසකින් සමන්විත මෙම පැළ තවානෙහි ඇති විශේෂත්වය වන්නේ ලංකාවේ කවර ප්‍රදේශයක වුව ද වගා කළ හැකි පරිදි පැළ වර්ග පදම් කර තිබීමයි.
08 දෙනෙකුගෙන් සමන්විත සේවක පිරිසකගේ සහය ඇතිව පවත්වාගෙන යන මෙම පැළ තවාන මගින් පාරිභෝගිකයන්ට තම අවශ්‍යතාවය අනුව ඕනෑම පැළ සංඛ්‍යාවක් මිල දී ගත හැකි අතර විවිධ ආයතන හා සංවිධානවලට අවශ්‍ය කවර ප්‍රමාණයක් වුව ද සැපයීමට හැකි බව රණවිරු ජී.ආර්. අජිත් බණ්ඩාර මහතා ප්‍රකාශ කරන ලදී. (ඔහුගේ දුරකථන අංකය - 0711343947)