දකුණු පළාත් රණවිරුවන් සඳහා ආබාධිත උපකරණ පරිත්‍යාගයක්...
රණවිරු සේවා අධිකාරියේ පසුඋවටැන හා පුනරුත්ථාපන අංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ආබාධිත සහායක උපකරණ ලබාදීමේ වැඩසටහන 2020 යටතේ, මානුෂීය මෙහෙයුමේදී සිය ශරීරාංග පුද කළ ගාල්ල දිස්ත්‍රික්කයේ රණවිරුවන් 18 දෙනෙකු සඳහා කෘතිම පාද 07ක්, රෝදපුටු 04ක්, අත්වාරු යුගල් 06ක් හා සුදු සැරයැටියක් 2020.11.10 හා 2020.11.11 දින පරිත්‍යාග කරන ලදී. ගාල්ල දිස්ත්‍රික් නිලධාරිනි චතුරිකා සඳමාලි මහත්මිය විසින් මෙම අවස්ථාවන් සංවිධානය කරන ලදී.