ඌව පළාත් රණවිරුවන් සඳහා ආබාධිත උපකරණ පරිත්‍යාගයක්...

රණවිරු සේවා අධිකාරියේ පසුඋවටැන හා පුනරුත්ථාපන අංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ආබාධිත සහායක උපකරණ ලබාදීමේ වැඩසටහන 2020 යටතේ, මානුෂීය මෙහෙයුමේදී සිය ශරීරාංග පුද කළ බදුල්ල දිස්ත්‍රික්කයේ රණවිරුවන් 16 දෙනෙකු සඳහා කෘතිම පාද 09 ක්, රෝදපුටු 01ක්, අත්වාරු යුගල් 05ක් හා තනි අත්වාරුවක් 2020.11.24 දින පරිත්‍යාග කරන ලදී. ඌව පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ ඒ.ඒ. චන්දන අබේවර්ධන මහතාගේ අධීක්ෂණයෙන් බදුල්ල දිස්ත්‍රික් නිලධාරි දර්ශණ ජයසිංහ මහතා විසින් මෙම අවස්ථාවන් සංවිධානය කරන ලදී.