බස්නාහිර පළාත් රණවිරුවන් සඳහා ආබාධිත උපකරණ පරිත්‍යාගයක්...

රණවිරු සේවා අධිකාරියේ පසුඋවටැන හා පුනරුත්ථාපන අංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ආබාධිත සහායක උපකරණ ලබාදීමේ වැඩසටහන 2020 යටතේ, මානුෂීය මෙහෙයුමේදී සිය ශරීරාංග පුද කළ කොළඹ දිස්ත්‍රික්කයේ රණවිරුවන් 13 දෙනෙකු සඳහා කෘතිම පාද 05ක්, රෝදපුටු 01ක්, අත්වාරු යුගල් 07ක් 2020.11.25 හා 2020.11.27 යන දිනයන්හිදී පරිත්‍යාග කරන ලදී. කොළඹ දිස්ත්‍රික් නිලධාරිනි පී.එන්.ඊ.දාබරේ මහත්මිය විසින් මෙම අවස්ථාවන් සංවිධානය කරන ලදී.