කුරුණෑගල දිස්ත්‍රික්කයේ රණවිරුවන් සඳහා ආබාධිත උපකරණ පරිත්‍යාගයක්...
රණවිරු සේවා අධිකාරිය මඟින් 2020 වසරේ ක්‍රියාත්මක කරනු ලබන ආබාධිත සහායක උපකරණ ලබාදීමේ වැඩසටහන 2020 යටතේ, වයඹ පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ භාග්‍යා ගමගේ මහත්මයාගේ අධීක්ෂණයෙන් කුරුණෑගල දිස්ත්‍රික් නිලධාරිනි මනෝරි කුමාරි මහත්මියගේ සංවිධානයෙන් මානුෂීය මෙහෙයුමේදී සිය ශරීරාංග පුදකළ කුරුණෑගල දිස්ත්‍රික්කයේ රණවිරුවන් සඳහා කෘතිම පාද 24ක්ද, රෝදපුටු 2ක්ද, අත්වාරු යුගලින් 15ක්ද, තනි අත්වාරු 5ක්ද, කිහිලිකරු යුගලක්ද 2020.11.23, 24 හා 25 යන දිනයන්හීදි පරිත්‍යාග කරන ලදී.