ත්‍රිකුණාමලය හා මඩකලපුව දිස්ත්‍රික් රණවිරුවන් සඳහා ආබාධිත උපකරණ පරිත්‍යාගයක්...
රණවිරු සේවා අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ආබාධිත සහායක උපකරණ බෙදාදීමේ තවත් එක් වැඩසටහනක් ත්‍රිකුණාමලය හා මඩකලපුව භාර දිස්ත්‍රික් නිලධාරි චමත් අනුපම ලියනගේ මහතාගේ මූලිකත්වයෙන්, මානුෂීය මෙහෙයුමේදී සිය ශරීරාංග පුද කළ රණවිරුවන් සඳහා කෘතිම පාද 04 ක් ද, අත්වාරු යුගල් 01 ක් ද, රෝදපුටු 01 ක් ද (මෝටිවේෂන්) 2020.12.02 හා 03 යන දෙදින රණවිරුවන්ගේ නිවෙස් වෙත ගොස් පරිත්‍යාග කරන ලදී.