රණවිරු දූ දරුවන් වෙත පිදෙන ශිෂ්‍යත්ව පරිත්‍යාගයක්...

රණවිරු සේවා අධිකාරියේ මාපිය කැපකරු ශිෂ්‍යත්ව අරමුදල මගින් සිදු කරනු ලබන දේශයේ භෞමික අඛණ්ඩතාවය හා ස්වෛරීත්වය වෙනුවෙන් සටන් වැද ස්වාභාවික හේතූන් නිසා මියගිය රණවිරුවන්ගේ දූදරුවන් 208 දෙනෙකු වෙනුවෙන් රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් ( විශ්‍රාමික ) නන්දන සේනාධීර මහතාගේ ඉල්ලීමකට අනුව හිටපු යුද්ධ හමුදාධිපති මෙන්ම වරාය අධිකාරියේ වත්මන් සභාපතිතුමන් වන ජෙනරාල් ( විශ්‍රාමික ) දයා රත්නායක මහතාගේ මැදිහත්වීම මත රුපියල් 1662000 ක මුල්‍ය පරිත්‍යාගයක් 2020.12.11 දින රණවිරු සේවා අධිකාරියේ දී පිරිනමන ලදි. මේ සදහා අනුග්‍රාහක දායකත්වය ලබාදුන් කොළඹ ජාත්‍යාන්තර බහාලුම් පර්යන්තයේ ප්‍රධාන විධායක නිළධාරී ජැක් හුවෑන්ග් මහතා(Mr.Jack Huang ) සහ පරිපාලන කළමණාකරු ග්‍රාන්ට් යෑං මහතා (Mr.Grant Yang), ද කලම්බ්‍රෝ ලොජිස්ටික්ස් ගෘප් ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරනු ලබන මේජර් ජෙනරාල් ( විශ්‍රාමික ) චාර්ගී ගාල්ලගේ, Hapag –Llyod Lanka (Pvt) Ltd ආයතනයේ සහකාර උපසභාපති ලලිත් විතානාරාච්චි මහතා, කොළඹ නැව් තටාක අංගනයේ ප්‍රධාන කළමනාකරු ඩී.වී. අබේසිංහ නියෝජනය කරමින් තිමිර ගොඩකුඹුර මහතාද මෙම අවස්ථාව සදහා සහභාගී වන ලදී.