රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමා දිස්ත්‍රික්ක භාර නිලධාරින් අමතයි...

රණවිරු සේවා අධිකාරියේ දිස්ත්‍රික් භාර නිලධාරින්වරුන්ගේ මාසික ප්‍රගති සමාලෝචන සාකච්ජාව සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යක්ෂතුමා ඇතුළු කාර්යය මණ්ඩලයේ සහභාගීත්වයෙන් 2020.12.15 වන දින රණවිරු සේවා අධිකාරියේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහිදි සභාපතිතුමා විසින් ඔවුන් අමතා විශේෂයෙන් වසර 20ක ඉතිහාසයක් ඇති රණවිරු සේවා අධිකාරියට ප්‍රථම වරට 2021 අයවැයෙන් ගරු ජනාධිපතිතුමන් විසින් අධිකාරිය වෙත ලබා දුන් විශේෂ ප්‍රතිපාදන මුදල් නිසියාකාරව ව්‍යාපෘති සඳහා යෙදවීමට විශේෂ අවධානයක් යොමු කරන ලෙසටය. රණවිරුවන් තම මවුබිම බේරාගැනීම සඳහා සිදුකල විශේෂ කැපවීම මෙන්ම එහි ප්‍රතිඵලයන් ලෙස විශේෂයෙන් ආබාධිත වූ, රණවිරුවන්ගේ ශාරීරික හා මානසික දුර්වලතාවයන් පිළිබඳ විධිමත් දැනුවත් කිරීමක් සිදු කළ අතර, ඒ අනුව ඔවුන්ගේ ගැටලු දෙස ඉතා සංවේදීවන ලෙස දිස්ත්‍රික්ක භාර නිලධාරිවරුන් දැනුවත් කෙරිණි. ඒ අනුව රණවිරුවන් හා රණවිරු පවුල් වල සුභසාධන කටයුතු මෙන්ම රණවිරු ගම්මාන වල යටිතල පහසුකම් දියුණු කිරීම සහ වඩාත් කාර්යක්ෂමව හා කැපවීමෙන් කටයුතු කරන ලෙස තවදුරටත් දන්වා සිටින ලදී.