සමස්ත ලංකා රණවිරු බිරින්ඳෑවරුන්ගේ ඒකාබද්ධ සංවිධානය

යුද්ධයට පූර්ණ දායකත්වය ලබා දී මියගිය රණවිරුවන්ගේ වැන්දඹු බිරින්ඳෑවරුන්ගේ මෙතෙක් නොවිසිදුනු ගැටළු වෙනුවෙන් සමස්ත ලංකා රණවිරු බිරින්ඳෑවරුන්ගේ ඒකාබද්ධ සංවිධානය විසින් රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව ගැටළු සාකච්ජා කිරීමේ හමුවක් 2020.12.16 දින රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමා ඇතුළු කාර්යය මණ්ඩලයේ මුලිකත්වයෙන් රණවිරු සේවා අධිකාරියේ ශ්‍රවනාගාරයේදී පැවැත්විණි. දිවයින පුරා විසිරී සිටින රණවිරු බිරින්දෑවරුන් 10 දෙනෙකු මේ සඳහා සහභාගී වු අතර, මෙහිදී ඔවුන්ගේ වැටුප් හා අනෙකුත් සුභසාධන ගැටළු සම්බන්ධයෙන් මුලික අවධානය යොමු කරමින් කඩිනම් විසඳුම් ලබා දිය හැකි ගැටළු සඳහා එම අවස්ථාවේදීම විසඳුම් ලබා දීමට අවැසි කටයුතු සිදු කරන ලදි.