සිමෙන්ති හා ටයිටේනියම් නිෂ්පාදන සාර්ථකව සිදු කරන රණවිරුවෙක්
මව්බිමේ නිවහල් භාවය උදෙසා ශරීරාංග පුද කළ රණවිරුවන් දැයේ සංවර්ධනයට දායක කරගැනීමේ අභිලාෂය යටතේ රණවිරු සේවා අධිකාරියේ දකුණු පළාතේ මාතර දිස්ත්‍රික් නිලධාරී චමිදු ශිරාන් මහතා සිදු කළ නිරික්ෂණ චාරිකාවක දී මානුෂීය මෙහෙයුමේ දී සිය ශරීරාංග පුද කළ පූර්ණ ආබාධිතව අංක 706/B/2 වතු කන්ද ගෙදර පොල්පැළදෙණිය ඌරුබොක්ක හි පදිංචිව සිටින පස්ගොඩ රණවිරු සංසදයේ සෙබල අංක S/413858 දරන රණවිරු කේ.ජී. ඉන්දික මහතා ස්වයං රැකියාවක් ලෙස පවත්වා ගෙන යන සිමෙන්ති හා ටයිටේනියම් යොදාගනිමින් සිදුකරගෙන යන වැඩපල අධීක්ෂණය කරන ලදී.
විවිධ හැඩතලයන්ගෙන් යුතු මල් පෝච්චි, බුදු පිළිම, බුදු පිළිම තැන්පත් කරන ආධාරක, විවිධ ප්‍රමාණයන්ගේ යුතු වතුර මල් හා ඒ ආශ්රිත නිෂ්පාදන ඔහුගේ දෑතින් නිර්මාණය කරනු ලබයි.
ඔහු කිසිදු මූල්‍ය ආධාරයක් බලාපොරොත්තු නොවන අතර, වැඩබිමේ සහ ඔහුගේ ඉදිරි වැඩ කටයුතු සිදු කර ගැනීම සඳහා ස්වයංක්‍රීය අතක් අවශ්‍ය බව දන්වා තිබේ. ඒ අනුව නුදුරේදී එය රණවිරු සේවා අධිකාරිය මඟින් ලබාදීමට කටයුතු කරනු ඇත.
(ඔහුගේ දුරකථන අංකය - 0710310958)