2021 නව වසරේ රණවිරු සේවා අධිකාරියේ රාජකාරි ආරම්භය සනිටුහන් කරයි...

රණවිරු සේවා අධිකාරියේ 2021 නව වසරේ රාජකාරි කටයුතු ආරම්භ කිරීම සනිටුහන් කරමින් කොවිඩ් 19 වෛරසය සමඟ ආරක්ෂිත ක්‍රමයන්ට මුල්තැන දෙමින් ගරු සභාපතිතුමා, නව අධ්‍යක්ෂකතුමා ඇතුළු සියලු කාර්ය මණ්ඩලය හා අනුයුක්ත කාර්ය මණ්ඩලය එක්ව කාර්යාල පරිශ්‍රයේදී ජාතික ගීය ගායනයෙන් පසුව දේශයේ නිදහස වෙනුවෙන් දිවි පිදු රණවිරුවන් වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ලබාදී අධිෂ්ඨානශීලීව හා කාර්යක්ෂමව රාජ්‍ය සේවාව සිදුකරන බවට ප්‍රතිඥාව ලබාදෙන ලදී. තවද, යුද්ධ හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂක මණ්ඩලයේ සේවයේ නියුතු වෛද්‍ය කපිතාන් පීටීඩබ් මලවිපතිරණ නිලධාරීගේ මුලිකත්වයෙන් කොවිඩ් 19 වසංගතයෙන් ආරක්ෂාවීම සඳහා අනුගමනය කළයුතු ක්‍රමවේදයන් පිළිබඳ කාර්ය මණ්ඩලය දැනුවත් කරන ලදී. එසේම නව වසරේ ගරු සභාපතිතුමා විසින් කාර්ය මණ්ඩලය අමතා තම රාජකාරී කටයුතු සාර්ථකව හා කාර්යක්ෂමව ඉටුකිරීමටත් රණවිරුවන් සහ රණවිරුවන්ගේ ළඟම ඥාතීන් උදෙසා ඉහල සේවාවක් සැපයීමටත් කටයුතු සිදු කරන ලෙසත් ප්‍රකාශ කර සිටින ලදී. ඊට සමගාමීව කාර්ය මණ්ඩලය උදෙසා තේ පැන් සංග්‍රහයක් හා සුහද හමුවක් පැවැත්වීය.