රණවිරු දූ දරුවන් ‍වෙත පාසල් උපකරණ කට්ටල පරිත්‍යාගය...

දේශයේ භෞමික අඛණ්ඩතාවය හා ස්වෛරීත්වය වෙනුවෙන් සටන් වැද සිය දිවි පුද කළ රණවිරුවන්ගේ දූදරුවන්ගේ අධ්‍යාපනයට අත්වැලක් වීම සඳහා බංගලාදේශයේ සැන්ටා ඩෙනිම් ආයතනයේ සමාන්‍යාධිකාරි ( මෙහෙයුම් ) අවන්ත සුභසිංහ මහතා විසින් ඔහුගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් රු 100,000/= ක් පමණ වටිනා පාසල් බෑග්,පොත්පත් ඇතුළු පාසල් උපකරණ කට්ටල 30ක් 2021.01.04 වන දින රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමා වෙත පරිත්‍යාග කරන ලදී.