දැයේ සංවර්ධනයට රණවිරු මෙහෙයුම …

රණවිරු සේවා අධිකාරිය මඟින් ක්‍රියාත්මක “ත්‍රිවිධ හමුදවේ මානව සම්පත දැයේ සංවර්ධන කාර්යය සඳහා දායක කර ගැනීමේ ව්‍යාපෘතිය” යටතේ කෘෂි ව්‍යවසායකයින් බල ගැන්විම සඳහා මීපැණි කර්මාන්තය ව්‍යාප්ත කිරීම සහ ව්‍යවසායකයින් පුහුණු කිරීම සඳහා අනුග්‍රහය දක්වනු ලැබේ. ඒ අනුව විශ්‍රාම යාමට නියමිත ත්‍රිවිධ හමුදා රණවිරුවන් 28 දෙනෙකු සඳහා කීට විද්‍යානුකූලව මී පැණි කර්මාන්තය කිරීම පිළිඹඳව 2020 අගොස්තු මස 12,13 හා 14 යන තෙදින තුල සේවා සංස්කරණ අභ්‍යාස ආයතනය බිදුණු වැව, බණ්ඩාරවෙලහි පුහුණු වැඩමුළුවක් පවත්වන ලදී. එමෙන්ම 2020.07.03 වන දින ශ්‍රීලායුකාබ සෙබළියන් 25 දෙනෙකු සඳහා කළුඅග්ගල කඳවුරේහි මීමැසි පාලන පුහුණු වැඩසටහනක් පැවැත් වූ අතර කර්මාන්ත සහ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය වෙතින් ලබාදෙනු ලැබු මීමැසි පෙට්ටි සහ එම උපකරණ රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂතුමා විසින් ඔවුන් වෙත බෙදාදීම 2021.01.12 වන දින සිදු කරන ලදී.