සුරතල් මත්ස්‍ය ව්‍යාපාරයෙන් දෑත් සවිමත් කරගත් රණවිරුවෙක්...

මව්බිමේ නිවහල් බව වෙනුවෙන් ශරීරාංග පුදකළ රණවිරුවන් දැයේ සංවර්ධනයට දායක කරගැනීමේ අභිලාෂය යටතේ රණවිරු සේවා අධිකාරියේ අනුග්‍රහයෙන් ඇහැලියගොඩ රණවිරු සංසදයේ ඩබ්එම්ඒපීකේ විජේසුන්දර මහතා ස්වයං රැකියාවක් ලෙස “Pearl Fish Paradise” යන මාළු අපනයන ව්‍යාපාරය පවත්වාගෙන යනු ලබයි. ඔහු රණවිරු සේවා අධිකාරිය මඟින් ලබාදුන් එම ස්වයං රැකියා ආධාර මුදලින් හා ස්වකීය උත්සහය, කැපවීම හා ධෛර්යෙන් මත මාළු ටැංකි 60 කින් සමන්විතව මෙම සුරතල් මත්ස්‍ය ව්‍යාපාරය සාර්ථකව පවත්වාගෙන යනු ලබයි. තම සේවාව පාරිභෝගිකයන් වෙත අලෙවි කිරීමට බලාපොරොත්තු වන ඩබ්එම්ඒපීකේ විජේසුන්දර රණවිරුවා නො:469/1, වාඩිය වත්ත වලව්ව, බුලත්දූව, ගැටහැත්ත යන ලිපිනයේ පදිංචිව සිටින අතර ඔහුගේ දුරකථන අංකය 0718677688 මගින් ඔහු සම්බන්ධ කර ගත හැකිවේ.