දිරිය සමාජ සේවක රණවිරු පියෙක්...
ශ්‍රී ලංකා යුධ හමුදාවේ සේවයේ නියුතුව සිටියදී දින රට දැය වෙනුවෙන් තම ජීවිතය පූජා කල සෙ/ 304020 දරණ ප්‍රියන්ත විතාරණ රණවිරුවාගේ පියාණන් වන යටිනුවර රණවිරු සංසදයේ ඩබ්ලිව්. ධර්මසේන මහතා විවිධ නිර්මාණය කරනු ලබයි.
ඔහු විසින් මල් පෝච්චි අලංකරණ නිර්මාණ, මුළුතැන්ගෙයි කටයුතු පහසු කරන නිර්මාණද සහ විවිධ ඇගයීම් කටයුතු ද කරගෙන යනු ලබන අතර, අදාල නිර්මාණ තම ප්‍රදේශයේ අවට වෙළෙදපලවල් හා පාරිභෝගිකයින් ඉලක්ක කරගෙන සිදු කරනු ලබයි. මෙමගින් අමතර රැකියා අවස්ථාද ජනනය කිරීමට ඔහු බලාපොරොත්තු වේ.
මෙම පියාණන් තමාගේ පුත්‍රයා වෙනුවෙන් ලැබෙන වැටුපෙන් සහ මෙම නිර්මාණ තුලින් ලැබෙන ආදායමෙන් සිංහල හා දෙමල දූ දරුවන්ගේ අධ්‍යාපන හා විවිධ සමාජ සුභසාධන කටයුතු සිදු කරනු ලබයි.