කැලණි කේබල්ස් සමාගමෙන් වෛද්‍ය හා ආබාධිත සහයක උපකරණ පරිත්‍යාගයක්...
රණවිරු සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් විජිත් සුබසිංහ මහතා විසින් කළ ඉල්ලීමකට අනුව කැලණි කේබල්ස් සමාගමේ අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක මහින්ද සරණපාල මහතාගේ සම්බන්ධීකරණය මත ජර්මනියේ සිට මෙරටට ගෙනා උපකරණ තොගයක් නිල වශයෙන් 2021.02.01 දින රණවිරු සේවා අධිකා රි පරිශ්‍රයේදී භාරදෙන ලදී.
මෙම අවස්ථාව සඳහා කැළණි කේබල්ස් සමාගමේ නියෝජ්‍ය සභාපති සහ කළමනාකරණ අධ්‍යක්ෂ සුරේන් මදනායක මහතා, අධ්‍යක්ෂ ප්‍රධාන විධායක නිලධාරි මහින්ද සරණපාල මහතා සහ සමාජ සත්කාරක වැඩසටහන් සම්බන්ධීකාරක ජයන්ත විජේසිංහ මහතා, රණවිරු සේවා අධිකාරියේ වැඩ බලන සභාපතිතුමිය, අධ්‍යක්ෂතුමා හා කාර්ය මණ්ඩලයේ පිරිසක් සහභාගි විය.