පූර්ණ ආබාධිත රණවිරුවාට රෝද පුටු පරිත්‍යාගයක්...

රණවිරු සේවා අධිකාරියේ උපදෙස් හා මගපෙන්වීම මත පසුඋවටැන හා පුනරුත්ථාපන අංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ආබාධිත සහායක උපකරණ ලබාදීමේ වැඩසටහන යටතේ, රණවිරු සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් විජිත් සුබසිංහ මහතාගේ හා අනුරාධපුර දිස්ත්‍රික් නිලධාරී සුපුන් මිල්ලවාන මහතාගේ සංවිධානයෙන් මානුෂිය මෙහෙයුමේදී සිය ශරීරාංග පුද කළ පූර්ණ ආබාධිත තත්වයට පත් 1 වන ගජබා රෙජිමේන්තුවේ සේවය කල සෙ/76733 සැරයන් මේජර් ඩබ්ලිව්. එම්. උපාලි විජේකෝන් රණවිරුවාට විශේෂිත රෝද පුටුවක් 2021.02.01 දින ඔහුගේ නිවෙස වෙත ගොස් පරිත්‍යාග කරන ලදි.