උතුරුමැද පළාත් රණවිරු සුබසාධන වැඩසටහන්...
දේශයේ භෞමික අඛණ්ඩතාවය හා ස්වෛරීත්වය වෙනුවෙන් සටන් වැද ආබාධිත තත්වයට පත් වූ හොරොව්පතාන රණවිරු සංසදයේ රණවිරු එච්.එම්.ඒ අබේරත්න මහතා හට රෝද පුටුවක් සහ මැදවච්චිය රණවිරු සංසදයේ රණවිරු පී. සමරසිංහ මහතා හට කිහිලිකරු ප්‍රදානය කිරීම රණවිරු සේවා අධිකාරිය නියෝජනය කරමින් උතුර, උතුරුමැද පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂක තුෂාර ජයසිංහ මහතා, අනුරාධපුර දිස්ත්‍රික් නිලධාරී සුපුන් මිල්ලවාන මහතා සහ පොළොන්නරුව දිස්ත්‍රික් නිලධාරී කසුන් චතුරංග මහතා විසින් රණවිරුවන් වෙත භාර දෙන ලදී. මෙයට සමගාමීව 2021 වර්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගම්මාන (රඹෑව, කැකිරාව, ගල්නෑව) තුළ විරු යොවුන් සමාජයේ නිලධාරි මණ්ඩලය සමඟ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව දැනුවත් කිරීමක් ද සිදු කරන ලදි.