මාතර දිස්ත්‍රික් රණවිරුවන් සඳහා ආබාධිත සහායක උපකරණ පරිත්‍යාගයක්...
රණවිරු සේවා අධිකාරියේ පසුඋවටැන හා පුනරුත්ථාපන අංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ආබාධිත සහායක උපකරණ ලබාදීමේ වැඩසටහන යටතේ, මාතර දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරි එච්. එල්. සී ශීරාන් මහතාගේ සංවිධානයෙන් මානුෂීය මෙහෙයුමේදී සිය ශරීරාංග පුද කළ මාතර දිස්ත්‍රික්කයේ රණවිරුවන්හට අත්වාරු යුගල් 04ක්, කෘතීම පාදයක්, මෝටිවේෂන් රෝද පුටුවක් හා ඇස් කණ්නාඩි යුගල් 03 ක් 2021.02.12 දින ඔවුන්ගේ නිවෙස් වෙත ගොස් පරිත්‍යාග කරන ලදි.