ගාල්ල දිස්ත්‍රික් රණවිරුවන් සඳහා ආබාධිත සහායක උපකරණ පරිත්‍යාගයක්...
රණවිරු සේවා අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ආබාධිත සහායක උපකරණ ලබාදීමේ වැඩසටහන යටතේ, මානුෂීය මෙහෙයුමේදී සිය ශරීරාංග පුද කළ ගාල්ල දිස්ත්‍රික්කයේ රණවිරුවන් සඳහා අත්වාරු යුගල් 05, රොදපුටුවක්, කිහිලිකරුවක් සහ ඇස් කන්නාඩි යුගලයක් 2021.02.10 දින ඔවුන්ගේ නිවෙස් වෙත ගොස් පරිත්‍යාග කරන ලදී. ගාල්ල දිස්ත්‍රික් නිලධාරිනි චතුරිකා සඳමාලි මහත්මිය විසින් මෙම අවස්ථාවන් සංවිධානය කරන ලදී.