මහ පොළොවට ජීවය දුන් දිරිය විරුවා...
මාතෘභූමියේ උත්තරීතර නිදහස වෙනුවෙන් සටන් වැදී සරසාලේ ප්‍රදේශයේදී පුද්ගල නාශක බෝම්බයකට හසුවීමෙන් සිය පාදය අහිමි වූ පසුව වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගන්වන ලද 4 වන ගැමුණු හේවා රෙජිමේන්තුවේ සේවය කළ උපාලි වීරසිංහ රණවිරුවා මිහිකතට ජීවය දුන් අභිමානවත් රණවිරුවෙකි. රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි ඔහු තම විශ්‍රාම දිවිය අර්ථවත් ලෙස ගත කරන රණවිරුවෙකු වේ.
කුඩා කල පටන්ම හුරු වී සිටි ගෙවතු වගාව මගින් ඔහු වර්තමානය වන විට අති සාර්ථක ගොවිපළක හිමිකරුවෙකු බවට පත් කර තිබේ. තම ගෙවතු වගාව ක්‍රමයෙන් අක්කර ගණනාවක භූමි භාගයක් පුරා ව්‍යාප්ත කරමින් මේ වන විට දක්ෂ ව්‍යවසායකයෙක් බවට පත් වී ඇති උපාලි වීරසිංහ රණවිරුවා 2020 වසරේ රත්නපුර දිස්ත්‍රික් හොඳම ව්‍යවසායකයා තේරීමේ තරඟයෙන් ප්‍රථම ස්ථානය හිමිකර ගනිමින් රන් සම්මානය දිනා ඇත.
ස්වකීය ගොවිපළ සාර්ථක ආදායම් උත්පාදක ක්ෂේත්රයක් බවට පත් කරමින් ගොවිපළ තුළ නව රැකියා අවස්ථා කිහිපයක් ලබා දීමට ද ඔහුට හැකියාව ලැබී ඇත. ඉදිරි වසර කිහිපය තුළ තම වගාව අක්කර 100ක භූමි ප්‍රදේශයක් පුරා ව්‍යාප්ත කිරීමට ඔහු අපේක්ෂා කරයි.
දිරිය විරුවෙකු ලෙසින් මව්බිම වෙනුවෙන් තම ශරීරාංශ පූජා කර, වර්තමානයේ දී මව්බිමේ ස්වයංපෝෂිතභාවය උදෙසා නිහඬ මෙහෙයක් ඉටු කරන උපාලි වීරසිංහ රණවිරුවා සමස්ත රණවිරු ප්‍රජාවට පූර්වාදර්ශයක් සපයයි.