මධ්‍යම පළාත් රණවිරුවන් සඳහා ආබාධිත උපකරණ පරිත්‍යාගයක්...

රණවිරු සේවා අධිකාරියේ පසුඋවටැන හා පුනරුත්ථාපන අංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ආබාධිත සහායක උපකරණ ලබාදීමේ වැඩසටහන යටතේ, මානුෂීය මෙහෙයුමේදී සිය ශරීරාංග පුද කළ මහනුවර දිස්ත්‍රික්කයේ රණවිරුවන් 14 දෙනෙකු සඳහා අත් වාරු යුගල් 13ක් සහ තනි අත් වාරුවක් 2021.02.15 දින ඔවුන්ගේ නිවෙස් වෙත ගොස් පරිත්‍යාග කරන ලදි. මීට සමගාමීව මානුෂීය මෙහෙයුමේදී සිය ශරීරාංග පුද කළ නුවරඑළිය දිස්ත්‍රික්කයේ රණවිරුවන් 13 දෙනෙකු සඳහා අත් වාරු යුගල් 03ක්, තනි අත් වාරු 02ක් සහ ඇස් කණ්ණාඩි 08ක් 2021.02.16 දින ඔවුන්ගේ නිවෙස් වෙත ගොස් පරිත්‍යාග කරන ලදී. තවද මාතලේ දිස්ත්‍රික්කයේ රණවිරුවන් 16 දෙනෙකු සඳහා අත් වාරු යුගල් 08ක්, තනි අත් වාරුවක්, ඇස් කණ්ණාඩි 05 සහ මෝටිවේෂන් රෝද පුටු 02ක් 2021.02.17 දින පරිත්‍යාග කරන ලදී. මහනුවර දිස්ත්‍රික් නිලධාරිනි අරෝෂා කරුණාරත්න මහත්මිය හා නුවරඑළිය දිස්ත්‍රික් නිලධාරිනි අජන්තා කුමාරි මෙනවිය විසින් මෙම අවස්ථාවන් සංවිධානය කරන ලදී.