දිවි පිදූ අභීත රණවිරුවන් සිහිකිරීම...
දිවි පිදූ අභීත රණවිරුවන් සිහිකර පුෂ්ප උපහාර දැක්වීම හා ධර්ම දේශනාවක් උතුරු මැද පළාත් ආණ්ඩුකාර ලේකම් A. K. N වික්‍රමසිංහ මහතා, රණවිරු සේවා අධිකාරියේ උතුරු මැද පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ තුෂාර ජයසිංහ මහතා, අනුරාධපුර දිස්ත්‍රික් නිලධාරී සුපුන් මිල්ලවාන මහතා සහ ආණ්ඩුකාර කාර්යාලයේ සේවක මහත්ම මහත්මීන්ගේ සහයෝගයෙන් 2021.02.16 වන දින අනුරාධපුර රණවිරු ස්මාරකය අභියස දී පවත්වන ලදී.
මෙම පිංකම සඳහා අනුරුද්ධාරාමයේ අනුරාධපුර අනුරුද්ධ ස්වාමීන් වහන්සේ විසින් ධර්ම දේශනා කරන ලද අතර මේ අවස්ථාවට රණවිරු මෑණියන් වහන්සේ නමක් වන බදුල්ලේ ධම්මප්‍රීති මෙහෙණින් වහන්සේ ද වැඩම කළ සේක. මෙහි සංවිධන කටයුතු මධ්‍යම නුවරගම් පළාත් රණවිරු සංසදය විසින් සිදුකරන ලදී.