ඌව පළාත් රණවිරුවන් සඳහා ආබාධිත සහයක උපකරණ පරිත්‍යාගයක්...
රණවිරු සේවා අධිකාරියේ පසුඋවටැන හා පුනරුත්ථාපන අංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ආබාධිත සහායක උපකරණ ලබාදීමේ වැඩසටහන යටතේ, මානුෂීය මෙහෙයුමේදී සිය ශරීරාංග පුද කළ බදුල්ල දිස්ත්‍රික්කයේ රණවිරුවන් 18 දෙනෙකු සඳහා අත්වාරු යුගල් 12 ක්, තනි අත්වාරුවක් සහ ඇස් කණ්ණාඩි 05ක් 2021.02.17 දින සිට 2021.02.21 දක්වා දිනයන් හිදී පරිත්‍යාග කරන ලදී. ඌව පළාත් නියෝජ්‍ය අධ්යක්ෂ ඒ.ඒ. චන්දන අබේවර්ධන මහතාගේ අධීක්ෂණයෙන් බදුල්ල දිස්ත්‍රික් නිලධාරි දර්ශණ ජයසිංහ මහතා විසින් මෙම අවස්ථාවන් සංවිධානය කරන ලදී.