පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රණවිරුවන් සඳහා ආබාධිත සහයක උපකරණ පරිත්‍යාගයක්...

රණවිරු සේවා අධිකාරියේ පසුඋවටැන හා පුනරුත්ථාපන අංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ආබාධිත සහායක උපකරණ ලබාදීමේ වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ත්‍රික් නිලධාරී කසුන් චතුරංග මහතාගේ සංවිධානයෙන් මානුෂීය මෙහෙයුමේ දී සිය ශරීරාංග පුද කළ රණවිරුවන් 12 දෙනෙකු සඳහා අත්වාරු යුගලින් 10ක්, තනි අත්වාරුවක් සහ ඇස් කණ්ණාඩි 03ක් 2021.02.19 දින පරිත්‍යාග කරන ලදි.