රණවිරු දරුවන්ගේ උසස් අධ්‍යාපනයට අත්වැලක්...

දේශයේ භෞමික අඛණ්ඩතාවය හා ස්වෛරීත්වය වෙනුවෙන් සටන් වැද සිය ජීවිත පූජා කළ හා ශරීරාංග පුද කළ රණවිරුවන්ගේ දූදරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සදහා අත්වැලක් වීමට රණවිරු සේවා අධිකාරියේ උසස් අධ්‍යාපන හා ශිෂ්‍යත්ව අංශයේ සහ රණවිරු සේවා අධිකාරියේ හිටපු සභාපතිතුමාගේ සම්බන්ධීකරණයෙන් විශ්ව විද්‍යාල වරම් ලද රණවිරු දරුවන් දෙදෙනෙක් වෙනුවෙන් මාසිකව රු.5,000.00 ක් වටිනා ශිෂ්‍යාධාර දෙකක් වෛද්‍ය ප්‍රියන්ත රණවීර මහතාගේ ධන පරිත්‍යාගයෙන් 2021.02.18 වන දින රණවිරු සේවා අධිකාරියේ හිටපු සභාපතිතුමාගේ අතින් රණවිරු සේවා අධිකාරියේ ශ්‍රවණාගාරයේදී ප්‍රදානය කරන ලදී.