අනුරාධපුර දිස්ත්‍රික්කයේ රණවිරුවන් සඳහා අබාධිත සහයක උපකරණ...
රණවිරු සේවා අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ආබාධිත සහායක උපකරණ බෙදාදීමේ තවත් එක් වැඩසටහනක් අනුරාධපුර දිස්ත්‍රික් නිලධාරි සුපුන් මිල්ලවාන මහතාගේ සංවිධානයෙන් පවත්වන ලදී. ඒ අනුව මානුෂිය මෙහෙයුමේදී සිය ශරීරාංග පුද කළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ රණවිරුවන් 59 දෙනෙකු සඳහා අත්වාරු යුගල් 35ක්, තනි අත්වාරුවක් හා ඇස් කණ්ණාඩි 23ක් 2021.02.19 දින ඔවුන්ගේ නිවෙස් වෙත ගොස් පරිත්‍යාග කරන ලදි.