හෙළවිරු ඩිජිටල් මෘදුකාංගය හදුන්වා දීමේ වැඩසටහන…
විශ්‍රාමික සහ රණක්ෂිතයට පත් රණවිරුවන් ඔවුන් විසින් සිදු කරගෙන යනු ලබන කෘෂි නිෂ්පාදන සහ විවිධ වු නිෂ්පාදන සඳහා වෙලදපලේ ඉහළ මිලක් සහ ක්ෂණිකව අලෙවි කර ගැනීම සදහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් හදුන්වා දෙන ලද හෙළවිරු ඩිජිටල් ආර්ථික මධ්‍යස්ථානය සහ මෘදුකාංගය හදුන්වාදීමේ වැඩසටහනක් 2021.03.16 වන දින රණවිරු සේවා අධිකාරියේදී පවත්වන ලදී.
මේ අවස්ථාව රණවිරු සේවා අධිකාරියේ සභාපතිනිය සහ අධ්‍යක්ෂතුමන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ඩිජිටල් ව්‍යාපෘති සමාන්‍යාධිකාරි ඉෂාරි සිරිවර්ධන මහත්මිය සහ එම කාර්යය මණ්ඩලය විසින් සිදු කරන ලදී.