මානුෂීය මෙහෙයුමේදී කාය දානය දුන් රත්නපුර දිස්ත්‍රික්කයේ රණවිරුවන් 16 දෙනෙකු සඳහා ආබාධිත සහයක උපකරණ...

රත්නපුර දිස්ත්‍රික්කයට අයත් රණව්රු සාමාජිකයන් අතුරෙන් මානුෂීය මෙහෙයුමේදී සිය ශරීරාංග පුද කළ රණවිරුවන් 16 දෙනෙකු හට අත්වාරු විසි එකක් සහ ඇස් කණ්නාඩි යුගල් පහක් නිවසටම ගොස් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක්, රණවිරු සේවා අධිකාරිය මගින් ක්‍රියාත්මක කරනු ලබන ආබාධිත සහයක උපකරණ බෙදා දීමේ වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් ලෙස රත්නපුර දිස්ත්‍රික් නිලධාරී පී ආර් ගයාන් විජෙවික්‍රම මහතාගේ සංවිධානත්වයෙන් 2021 මාර්තු මස 19 වන දින රත්නපුර දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි පවත්වන ලදී. මෙහි සංකේතාත්මක උත්සවයක් සබරගමු පළාත් ආණ්ඩුකාරවර ගරු ටිකිරි කොබ්බෑකඩුව මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කුරුවිට රණවිරු සංසද සාමාජිකයන් 3 දෙනෙකු හට ඇස්කණ්ණාඩි යුගල් තුනක් සහ අත්වාරු යුගලයක් ආණ්ඩුකාර කාර්යාලයේ දී ලබාදීම සිදුකරන ලද අතර ඉතිරි සාමාජිකයන් ගේ නිවෙස් වෙතටම ගොස් ආබාධිත සහයක උපකරණ බෙදාදීම රත්නපුර දිස්ත්‍රික් නිලධාරී මහතා විසින් සිදු කරන ලදී. සබරගමු ආණ්ඩුකාර කාර්යාලයේ පැවති සංකේතාත්මක උත්සවය සඳහා සබරගමුව පළාත් භාර නිලධාරී එම් බී එම් විමලරත්න මහතා ද සහභාගි වන ලදී.