රණවිරු සේවා අධිකාරියේ ආගමික කටයුතු උපදේශක ස්වාමීන් වහන්සේ පිළිගැනීම

ශාස්ත්‍රවේදී පණ්ඩිත පුජ්‍යපාද තංගල්ලේ ගෝතමී ස්වාමීන් වහන්සේ, විහාරාධිපති පරිවේණාධ්‍යක්ෂ ප්‍රධාන ලේඛකාධිකාරි ධුර තැන් පත්, තංගල්ල ගෞතම විද්‍යාල පිරිවෙන් වෙහෙරහි විහාරධිපති හිමියන් ආරක්ෂක අමාත්‍යාංශයේ සහ රණවිරු සේවා අධිකාරියේ ආගමික කටයුතු උපදේශක වශයෙන් පත්වීමෙන් ලැබීමෙන් අනතුරුව ප්‍රථම වරට රණවිරු සේවා අධිකාරියේ වැඩබලන සභාපති තුමිය සහ අධ්‍යක්ෂක තුමන් මුණගැසීම සඳහා කොල්ලූපිටියේ පිහිටි රණවිරු සේවා අධිකාරියේ මූලස්ථාන ගොඩනැගිලි පරිශ්‍රය වෙත 2021 අප්‍රේල් මස 6 වන දින වැඩම කරන ලදී. රණවිරු සේවා අධිකාරියේ වැඩ බලන සභාපතිතුමිය සෝනියා කෝට්ටේගොඩ මැතිණිය, රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂක, විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රතාප් තිලකරත්න අධ්‍යක්ෂ තුමන් විසින් උන් වහන්සේ මහත් ගෞරවයෙන් යුතුව රණවිරු සේවා අධිකාරිය වෙත පිළිගනු ලැබූ අතර වැඩ බලන සභාපතිතුමිය විසින් රණවිරු සේවා අධිකාරියේ කටයුතු සහ ඉදිරි ක්‍රියාකාරකම් පිළිබඳ උන් වහන්සේව දැනුවත් කරන ලදී. තවද, උන්වහන්සේ විසින් 2021 ජාතික රණවිරු සැමරුම් උත්සවයේ ආගමික වතාවත් සිදු කිරීම සම්බන්ධයෙන් අවැසි උපදෙස් ලබා දීමද මෙහිදි සිදු කරන ලදි.