රණවිරු සේවා අධිකාරිය 2021 ජාත්‍යන්තර සෞඛ්‍යය දිනය වෙනුවෙන් සුබ පැතුම් එක් කරයි.....
ජාත්‍යන්තර සෞඛ්‍ය දිනය විශ්වීය සෞඛ්‍ය ආවරණය කෙරෙහි අවධානය යොමු කරන අතර එවැනි සංකල්පයන් යථාර්ථයක් බවට පත්කිරීමේදී රණවිරු සේවා අධිකාරිය යටතේ පාලනය වන රණවිරු පවුල් වල සාමාජික සාමාජිකාවන්ට සහ ඔවුන්ගෙන් යැපෙන්නන්ට යහපත් සෞඛ්‍ය සේවයක් ලබා ගැනීම සඳහා අවශ්‍ය තීරණාත්මක කාර්යභාරය සහ ඍජු මැදිහත්වීම සිදු කිරීම මාගේ අරමුණයි.
අප මව්බිමේ ඒකීය භාවයත්, භෞමික අඛණ්ඩතාවයත් වෙනුවෙන් කැපවුණු අපගේ රණවිරු පවුල්වල සාමාජික සාමාජිකාවන්ගේ සෞඛ්‍යය ආවරණයේ ඇති හිඩැස් පියවා ගැනීමටත් සැමට සාධාරණ සෞඛ්‍යය සේවාවන් ලබා දීම සඳහා අවශ්‍ය ඍජු මැදිහත්වීම සිදු කිරීමටත් අප සූදානම් බව ජාත්‍යන්තර සෞඛ්‍ය දිනය සමරන අද දවසේ අප රණවිරු පවුල්වල සාමාජිකයන්ට දන්වා සිටිනු කැමැත්තෙමි.
සෝනියා කෝට්ටේගොඩ
වැඩබලන සභාපතිනිය
රණවිරු සේවා අධිකාරිය