පූර්ණ ආබාධිත රණවිරුවකු හට කෘතිම රෝද පුටුවක් පරිත්‍යාග කෙරේ.
රණවිරු සේවා අධිකාරියේ පසු උවැටන සහ පුනරුත්ථාපන අංශය විසින් ක්‍රියාත්මක ආබාධිත සහය උපකරණ ලබාදීමේ වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් 2021 අප්‍රේල් මස 5 වන දින රණවිරු සේවා අධිකාරි පරිශ්‍රයේ දී පවත්වන ලදී.
1 වන ගැමුණු හේවා බලඇණියට අනුයුක්තව සිට වන්නි මානුෂීය මෙහෙයුමේ දී තුවාල ලබා වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගොස් සිටින කෝප්රල් ඒ.ම්. අජිත් කුමාර හට ක්‍රියාකාරී රෝද පුටුවක් පරිත්‍යාග කිරීම රණවිරු සේවා අධිකාරියේ වැඩ බලන සභාපතිනි, සෝනියා කොට්ටෙගොඩ මැතිණියගේ සංවිධානයෙන් සිදු කරන ලදී.