රණවිරු ව්‍යවසායකයන් දිරිගැන්වීමේ ඉඩ ප්‍රස්ථා පුළුල් කෙරේ...

ආරක්ෂක අමාත්‍යාංශය විසින් 2021 අප්‍රේල් මස 8 සහ 9 යන දෙදින තුළ එම අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වෙන අවුරුදු පොළ සඳහා රණවිරු ව්‍යවසායකයන් සඳහා අවශ්‍ය වෙළෙඳ ඉඩප්‍රස්ථා ලබාදීමට රණවිරු සේවා අධිකාරිය ක්‍රියාකරන ලදි. රණවිරු සේවා අධිකාරිය විසින් මෙහෙයවනු ලබන ව්‍යවසාය සංවර්ධන වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් ලෙස රට වෙනුවෙන් තම තරුණ ජීවිතය කැප කර විශ්‍රාම ගිය සහ ක්‍රියාන්විතයේදී ආබාධිත තත්ත්වයට පත් රණවිරුවන් ව්‍යවසායකයින් බවට පත් කිරීම මෙම ව්‍යායාමයේ අරමුණ විය. මෙහි සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ගරු ආරක්ෂක ලේකම් තුමන් සහභාගි වූ අතර රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂක, විශ්‍රාමික මේජර් ජනරාල් ප්‍රතාප් තිලකරත්න අධ්‍යක්ෂතුමන් ද මෙම අවස්ථාවට සහභාගි වන ලදී.