2020 වසරේ රණවිරු සේවා අධිකාරියේ රාජකාරි ආරම්භය සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන්
අතිගරු ජනාධිපතිතුමාගේ “රට හදන සෞභාග්‍යමත් දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ මූලික අරමුණු වන ඵලදායී පුරවැසියෙක්, සතුටින් ජීවත්වන පවුලක්, ගුණගරුක විනයගරුක සාධාරණ සමාජයක් සහ සෞභාග්‍යමත් දේශයක් සාක්ෂාත් කරනු වස් රණවිරු සේවා අධිකාරියේ ගරු සභාපති තුමා ඇතුලු කාර්යය මණ්ඩලය 2020 ජනවාරි පළමු දින රණවිරු සේවා අධිකාරියේ කාර්යාල පරිශ්‍රයේදී එක්රැස් වෙන ලදී.
නව වසරේ රාජකාරි කටයුතුවලට ප්‍රථම ජාතික ගීය ගායනයෙන් පසුව දේශය වෙනුවෙන් දිවි දුන් සහ උර දුන් රණවිරුවන් විනාඩියක නිශ්ශබ්දතාවය මගින් සිහි කරන ලදී. එසේම රාජ්‍ය සේවා ප්‍රතිඥාව අධිෂ්ඨානශීලීව සිදු කිරීමෙන් අනතුරුව නව වසරේ කාර්යය මණ්ඩලය ඇමතූ සභාපතිතුමා, රණවිරුවන් සහ රණවිරුවන්ගේ ළඟම ඥාතීන්ට ඉහල සේවාවක් සැපයීමට අප්‍රමාදව සහ අවංකව කටයුතු කරන ලෙස, රණවිරු සේවා අධිකාරියේ කාර්යය මණ්ඩලයෙන් ඉල්ලා සිටින ලදී. වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා විනය ගරුක සධාරණ සමාජයක් බිහි කිරීම පිළිබඳ කෙටි දේශනයක් ද පවත්වන ලදී.