රණවිරු සේවා අධිකාරියේ වැඩකටයුතු ආරක්ෂක ලේකම් තුමන්ගේ අධීක්ෂණයට...
රණවිරු සේවා අධිකාරියේ වර්තමාන කටයුතු අධීක්ෂණය කිරීම සඳහා ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා 2021 අප්‍රේල් මස 9 වෙනි දින රණවිරු සේවා අධිකාරියේ මූලස්ථාන පරිශ්‍රයෙ සංචාරයක් සිදු කරනු ලැබීය.
රණවිරු සේවා අධිකාරියේ වැඩබලන සභාපතිනි, සෝනියා කෝට්ටේගොඩ මැතිනිය සහ එහි අධ්යක්ෂ මේජර් ජෙනරල් ප්‍රතාප් තිලකරත්න (විශ්‍රාමික) විසින් ගරු ආරක්ෂක ලේකම්තුමන්ව ඉතා උණුසුම් අයුරින් රණවිරු සේවා අධිකාරි පරිශ්‍රය වෙත පිළිගනු ලැබීය.
ඉන් අනතුරුව, රණවිරු සේවා අධිකාරියේ කළමණාකරණ මණ්ඩලය සහ ගරැ ආරක්ෂක ලේකම් තුමන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී රණවිරු සේවා අධිකාරියේ ප්‍රගතිය, ඉදිරි දැක්ම සහ රණවිරු ප්‍රජාව වෙනුවෙන් සිදු කිරීමට නියමිත
ක්‍රියාකාරකම් මෙන්ම 2021 ජාතික රණවිරු සැමරුම සම්බන්ධයෙන් වන වැඩසටහන් පිළිබඳව ද සාකච්ඡා කරන ලදී.
මෙම ප්‍රගති සමාලෝචනයෙන් අනතුරුව ආරක්ෂක ලේකම් තුමන් විසින් රණවිරු සේවා අධිකාරියේ රාජකාරියේ නිරත සියලුම කාර්ය මණ්ඩලය නිල වශයෙන් ඇමතීම සිදුකරන ලදී. මෙහිදී වැඩබලන සභාපති තුමිය විසින් ඉදිරි දැක්ම සහ ළඟා කරගැනීමට බලාපොරොත්තු වන ඉලක්ක සම්බන්ධයෙන් මෙන්ම රණවිරු ප්‍රජාව වෙනුවෙන් දැනට සිදුකරගෙන යන සුබසාධන ව්‍යාපෘතීන් සම්බන්ධයෙන් ද කෙටි පැහැදිලි කිරීමක් සිදු කරන ලදී.
අවසානයේදී, සාම්ප්‍රදායානුකූලව මෙම සංචාරය සිහිවීම පිණිස ආරක්ෂක ලේකම් තුමන් හට සමරු ඵලකයක් ප්‍රධානය කිරීම වැඩබලන සභාපති තුමිය විසින් සිදු කරන ලදී.