අළුත් සමාජ සේවා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම...

රණවිරු සේවා අධිකාරියත්, වන අරණ සංවිධානයත්, සුප්‍රිම් ටීවී නාලිකාව සමගින් අලුත් සමාජ සේවා ව්‍යාපෘති දියත් කිරීමට සාකච්ඡා අරඹයි..!! ----------------- රණවිරු සේවා අධිකාරිය, සුප්‍රිම් ටීවී නාලිකාව සහ වන අරණ සංවිධානය ඒකාබද්ධව සිදුකිරීමට හැකි සමාජ සේවා ව්‍යාපෘති කිහිපයක් පිළිබඳව සාකච්චාවක් 2021.04.09 දින රණවිරු සේවා අධිකාරි මූලස්ථාන පරිශ්‍රෙය්දී පැවත්වුණි. රණවිරු සේවා අධිකාරියේ වැඩ බලන සභාපතිනි සෝනියා කෝට්ටේගොඩ මැතිනිය සහ එහි අධ්‍යක්ෂ මේජර් ජෙනරල් ප්‍රතාප් තිලකරත්න (විශ්‍රාමික) සමග සුප්‍රිම් රූපවාහිනී නාළිකාවේ ප්‍රධානී කාංචන කොඩිතුවක්කු මහතා සමගින් වන අරණ සංවිධානයේ නියෝජිතයන් කිහිපදෙනෙකු එම මූලික සාකච්ඡා සඳහා සහභාගී විය. ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිත www.wanaaranaonline.lk ව්‍යාපෘතිය යටතේ ස්වයං රැකියා වළ නියතු රණවිරු පවුල් වල නිෂ්පාදනයන් වෙළෙඳ පොළට නිකුත් කිරීම, එම පවුල් සදහා කෘෂිකාර්මික ව්‍යාපෘති ආරම්භ කිරීම වගේම ඉදිරියේදී සිදු කිරීමට නියමිත රුක් රෝපණ වැඩසටහන් වැනි කාරණා එහිදී සාකච්චාවට භාජනය කෙරුණි. තවද වන අරණ සංවිධානය මුලිකත්වයෙන් සිදු කරන "ලස්සන වෙරළ" ව්‍යාපෘතියේ වාර්ෂික ප්‍රගතිය වාර්තාවද රණවිරු සේවා අධිකාරියේ වැඩබලන සභාපති තුමියට හා අධ්‍යක්ෂ තුමන් හට පිළිගැන්වීමද මෙහිදී සිදු විය.