සිංහල හින්දු අලුත් අවුරුද්ද
ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද අපගේ රණවිරු පවුල්වල සාමාජිකයන්ට සතුට, සාමය සහ සෞභාග්යය මල්ඵල ගැන්වෙන සුබම සුබ නව වසරක් වේවායි එක් සිතින් යුතුව මමත්, මාගේ කාර්ය මණ්ඩලයත් ප්රාර්ථනා කරමු.
මීට වසර දොළහකට පමණ පෙර යුද්ධයේ කුරිරු ශාපයෙන් මේ රට බේරා ගැනීම සඳහා ඉතිහාසය තුළ දී තම ජීවිතයෙන් මෙන්ම කාය දානයෙන් ද අප මාතෘ භූමියේ ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාව, සුරක්ෂිත කිරීම සඳහා කැපවුණු ඔබේ අපේ විරෝධාර රණවිරුවන්ගේ කැපවීම නොවන්නට මෙවැනි නිදහස් පරිසරයක් තුළ අලුත් අවුරුද්දක් සමරන්නට අපට හැකි වන්නේ නැත.
රණවිරු සේවා අධිකාරියේ වර්තමාන වැඩ බලන සභාපතිනිය ලෙස ට මාගේ පරම යුතුකම ලෙස ලබන්නාවූ සිංහල හින්දු අලුත් අවුරුද්දේ දී අප අධිකාරිය යටතේ පාලනය වන මියගිය, තුවාල ලැබූ ක්රියාන්විතයේදී රනක්ශිතයට පත්ව සිටින රණවිරුවන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් අපේ උපරිම ශක්තිය, ධෛර්යය යොදාගනිමින් ජාතියේ වගකීමක් ලෙස සලකමින් රැකබලා ගැනීම සඳහා වන කටයුතු සිදු කිරීමට ඇප කැප වෙමි.
අනාගතයේ ඔබට සුභ හෙට දවසක් තනන්නට හැකි වන වසරක් වේවායි නැවත වතාවක් මා ඇතුළු මාගේ කාර්ය මණ්ඩලය ප්රාර්ථනා කරමි .
2021 සුබ නව වසරකට ආසිරි..
සෝනියා කෝට්ටේගොඩ
වැඩබලන සභාපතිනි
රණවිරු සේවා අධිකාරිය